ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5% ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (07දා) තීරණය කර තිබේ.
මහ බැංකුව දිගින් දිගටම දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික හා මූල්‍ය වෙළෙඳ පොළ තත්ත්වයන් අධීක්ෂණය කරමින් අවශ්‍ය අවස්ථාවන්හිදී සුදුසු පියවර ගැනීමට සූදානම්ව සිටින බවද මුදල් මණ්ඩලය පවසයි. ඒ අනුව නම්‍යශීලී උද්ධමන ඉලක්කගත රාමුව යටතේ 4% - 6% අතර පරාසයක උද්ධමනයක් පවත්වා ගැනීම අරමුණු කර ඇති අතර, අඩු පොලී අනුපාත ව්‍යුහයක් පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය කැපවී සිටියි.