මහ බැංකු පොලී අනුපාත මෙවරත් වෙනස් නොවේ
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගන්නා බව 2018 අංක 05 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අගෝස්තු 02දා පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය () සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය () 7.25% සහ 8.50% මට්ටමේ පවතිනු ඇත.
මැදිකාලීන වශයෙන් උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉහළ සහ තිරසාර වර්ධනයක් පවත්වා ගැනීම සඳහා දායකවීම යන මහ බැංකුවේ අරමුණු හා අනුකූලව යමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවද මහ බැංකුව සඳහන් කරයි. එමෙන්ම, මුදල් මණ්ඩලය මෙම තීරණය වෙත එලැඹීමේදී දැනට පවත්නා සහ ආපේක්ෂිත දේශීය සහ ගෝලීය ආර්ථික වර්ධනයන් පුළුල් ලෙස සලකා ඇති බවද මහ බැංකුව අවධාරණය කරයි.
popular news
-
වසන්ත Friday, 16 November 2018 11:18 PM
තිරසාර පොලිය පහදා දෙන ලෙස ඉල්ලා සිටි මි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

