ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික හෙවත්, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් 8.00% සහ 9.00% මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මුණ්ඩලය තීරණය කර තිබේ.
මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහායවීමේ අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළෙඳ පොළ මෙන්ම, ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මුදල් මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇති බවද මහ බැංකුව කියයි.