ශ්‍රී ලංකාවේ මාසිකව ඉන්ධන මිල සූත්‍රය අනුව සිදුකරන මිල සංශෝධනය ලබන අඟහරුවාදා දක්වා කල් දැමීමට මූදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ඊට අදාළ කමිටුව සෑම මසකම 10දා රැස්වීමට නියමිතව තිබුණත්, නිවාඩු දින යෙදීම හේතුවෙන් එම කමිටුව ලබන අඟහරුවාදා පස්වරුවේ රැස්වනු ඇති බව වාර්තා වෙයි.
මේ අතර, ගෙවුණු සතියේ ලෝක වෙළෙඳ පොළෙහි තෙල් මිල පහත වැටීමක් දක්නට ලැබුණු අතර, ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයකමිල 2.08%කින්ද, වඩාත් ජනප්‍රිය Brent බොරතෙල් බැරලයක මිල 5.43%කින් පහත වැටී තිබේ.