එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) වෙතින් ඇ.ඩො.මිලියන 480ක ප්‍රදානයක් ලබාගැනීම සඳහා වූ ආන්දෝලනාත්මක ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, MCC සහ ශ්‍රී ලංකාව අතර මෙම ගිවිසුම දෙසැම්බර් මස අවසන් වීමට පෙර අත්සන් කිරීමට නියමිත අතර, MCC ප්රදානය යටතේ වූ ව්‍යාපෘති 2020 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇති ප්‍රධාන බාධාවන් ලෙස හඳුනාගෙන ඇති දුර්වල ප්‍රවාහන යටිතල පහසුකම් සහ දුර්වල ඉඩම් පරිපාලනය වැඩි දියුණු කිරීම සඳහා මෙම ප්‍රදානයෙන් ලැබෙන ප්‍රදානයන් යොදා ගැනෙනු ඇති බවද කියයි.
ගෝලීය දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන එක්සත් ජනපද විදේශ ආධාර ඒජන්සියක් ලෙස සැලකෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය ක්‍රියාත්මක වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග හවුල්කාරිත්වයක් ඇතිකර ගැනීම සහ තරඟකාරී තෝරාගැනීමක් සඳහා ප්‍රදානයන් ලබා දීමෙනි.
කෙසේ වෙතත්, මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාව පුරා ඇමෙරිකානු බලපෑම් ඇතිවනු ඇති බවට විරෝධතා මතුව තිබුණත්, අවසානයේදී ඒ විරෝධතා නොතකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අදාළ ගිවිසුමට හිමිව ඇත.
මේ අතර, අදාළ ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරෝධය පළ කර ඇති බවද වාර්තා වෙයි.