තරමක් පසු බැස තිබුණු කොටස් වෙළෙඳ පොළ මැතිවරණ උණුසුම සමග යළි සක්රීය වෙමින් වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව, ඊයේ (25දා) කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන් වනවිට මිල දර්ශක ඒකක 18.98තකින් ඉහළ ගිය අතර, දිනය අවසන් වනවිට සමස්ත කොටස් මිල දර්ශක අගය සටහන් වූයේ ඒකක 5,935.26ක් ලෙසිනි.
එමෙන්ම, ඊයේ දිනය තුළ කොටස් මිලියන 112.4ක් ගනුදෙනු වූ අතර, කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම වාර්තා වූයේ රු.මිලියන 638.7ක් ලෙසිනි.