බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා
බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ, දයානුකම්පාව, ත්යාගශීලීබව සහ සාමය වැනි සාරධර්මවලට එක්සත් ජනපදය ගරු කරන බව එරට රාජ්ය ලේකම් මයික් පොම්පෙඕ පවසයි.
එක්සත් ජනපදයේ ජනතාව වෙනුවෙන් මැයි මස 18 වැනි දිනට යෙදෙන වෙසක් උත්සවය සමරන සියලු දෙනාට සාමය හා සතුට පිරි වෙසක් දිනයක් වේවායි ප්රාර්ථනා කරමින් එක්සත් ජනපද රාජ්ය ලේකම්වරයා මෙම වෙසක් පණිවුඩය ඉදිරිපත් කරයි.
එමෙන්ම, එරට බෞද්ධ ප්රජාව එක්සත් ජනපදයේ සහ එම ජනතාවගේ ශක්තියට දායක වන බව පවසන රාජ්ය ලේකම්වරයා, වසර 2000කට වඩා වැඩි කාලයක සිට බුදු දහම ලෝකයට ලබාදී ඇති දායකත්වය එක්සත් ජනපදයේ සංස්කෘතිය හා ඉතිහාසය පොහොසත් කොට ඇති බවද පවසයි.
popular news
-
මුණසිංහ Friday, 17 May 2019 04:13 PM
අපේ එකා ආයෙත් ඇමරිකාවට ඒවි හෙට අනිද්දම ඔප්පු ලියන්න. ආවම ඌට ඒකත් කියා දෙන්න.
Reply : 0 26
සිරිබිරිස් Saturday, 18 May 2019 05:35 PM
උගතුන් හා බුද්ධිමතුන්ට බුදු දහමේ වටිනාකම තේරුනත් අපේ රටේ ඉන්නෙ හරි පුදුම හරක් රැලක්.මම දන්නා බුදු දහම ඇදහූ එක මිනිහෙකුගේ එකම දරුවා මිය ගිය පසුව බුදු දහම අතහැර යොහෝවා නම් දෙවියෙක් අදහන්න පටන්ගෙන තියෙනවා.කෙසේ වුවත් ආතර් සී.ක්ලාක් ශ්රීමතානන් කියා තිබෙනවා 2050 වනවිට ලෝකයේ පවතින්නේ බුදු දහම පමණයි කියල.
Reply : 0 13
ranjith Sunday, 19 May 2019 05:27 AM
ඇමෙරිකාවට බුද්ධාගමේ වටිනාකම තේරෙනවා අපේ ඇමතිලා මේක බෞද්ද රටක් නෙවේ කියනවා
Reply : 0 34
Champa Sunday, 19 May 2019 10:23 AM
ලෝකේ පුරා මුස්ලිම් සහ ක්රිස්තියානි රටවල් විනාශ කරපු ඉක්මනට සිංහල බෞද්ධ ශ්රී ලංකාව විනාශ කරන්න බැරි වුනා
Reply : 0 21
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

