බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත් - මංගල
සාමාන්‍ය නීතිය යටතේ වරදක් සිදුකර හෝ ඊට සැක පිට අත්අඩංගුවේ පසුවන බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත් බව, එසේ නැති වුවහොත් ඔවුන්ට ඕනෑම වරදක් කිරීමට හැකි මතයක් ඇතිවන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
බුද්ධි අංශ සාමාජිකයන් සිරගත කිරීම මෙම ප්‍රහාරයට හේතුවක් කියා මතයක් රට තුළ පවතිනවා නොවේදැයි මුදල් අමාත්‍යාංශයේ අද (26දා) පැවති මාධ්‍ය හමුවකදී නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"ඒ කතාවට මම විරුද්ධයි. බුද්ධි අංශයේ හිටපු සාමාජිකයන් අත්අඩංගුවේ ඉන්නව නම් ඔවුන් ඒ ඉන්නේ බුද්ධි අංශයේ රාජකාරි කටයුතු කිරීම නිසා නොවෙයි. සාමාන්‍ය නීතිය යටතේ වරදක් සිදු කරලා හෝ ඊට සැක පිට තමයි ඔවුන් අත්අඩංගුවේ ඉන්නේ. නීතිය කාටත් පොදුයි. බුද්ධි අංශ නිලධාරීන්ද රටේ සාමාන්‍ය නීතියට යටත්. එහෙම නැති වුණොත් වෙන්නේ බුද්ධි අංශ නිලධාරීන්ට ඕනෑම වරදක් කරන්න පුළුවන් කියලා මතයක් ඇති වෙන එකයි."
popular news
-
Deepal Nirosh Friday, 26 April 2019 09:49 PM
අනේ මහත්තයෝ, හමුදාව, පොලිසිය හා රජය සෝදිසි මෙයෙයුම් කරල අවශ්‍ය නීතිමය පියවර අරන් රටේ සාමකාමී පරිසරය නැවත ප්‍රතිස්ථාපනය කරන කම් පොඩ්ඩක් කට වහගෙන ඉන්නව ද? බුද්ධි අංශ අඩපණ කළා කියල කවුරුවත් තමුන්ට දොස් කිව්වෙ නැහැ නේ. තත්ත්වය සමතයකට පත් කළාට පස්සෙ තමුන්ට පුළුවන් මේ වෙච්ච දේවලුත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කරල නැවත ලංකාවට විරුද්ධව යුධ අපරාධ යෝජනාවක් සම්මත කර ගන්න. එතකම් පොඩ්ඩක් ඉවසල ඉන්න.
Reply : 1 16
Ruvan Saturday, 27 April 2019 06:19 AM
කරුණාකර තමුසෙගෙ ගොන් කට පරෙස්සම් කරගෙන ඊළඟ මැතිවරණය වෙනකම් ඉන්නවා. ඊට පස්සේ ජනතාව තමුසෙලා ගේ අගමැති ඇතුළු ගොන් පාලන රොත්තම යවන්න ඕන තැනට යවාවි.
Reply : 1 3
Kumar Sunday, 28 April 2019 06:04 AM
අපි සැමදෙනාම නීතිගරුක වෙන්න ඕනෙ. බුද්ධි අංශය කියල නීතියට පටහැනිව ක්‍රියාකිරීමට කිසිම නිලධාරියෙකුට ඉඩදෙන සම්පුර්නයෙනම වරදිබව කියන්න ඕනෙ. සුදු වැන්වල සේවයකල අලුගොසුවෝනම් මම කියන දෙයට එකග වෙන්නෙනෑ.
Reply : 4 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

