බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම පහත හෙළයි
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහ එරට සංචාරකයන්ට පනවා තිබූ සංචාරක අවදානම පහත හෙළීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර තිබේ.
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඔවුන් නිකුත් කරනු ලැබූ මෙම සංචාරක අවදානම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නිරන්තර අවධානයෙන් පසුවූ බවත්, ශ්‍රී ලංකා රජය, සංචාරක ක්ෂේත්රය මෙන්ම පොලීසිය සමග සමීපව කටයුතු කරමින් මෙය සොයා බැලූ බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ අනුව, මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා වූ අවදානම පහත හෙළීමට තරම් තත්ත්වයක් පවතින බව ඔවුන් අවබෝධ කරගෙන සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
Kumar Sunday, 09 June 2019 07:55 PM
බටහිර රටවල් ලකාවට පැමිණීම තහනම් කරලා තිබුනේ නැහැ. යමක් සිදුවුන රටකට නොයන ලෙසත් යන එක අවදානම් බව දන්වන එක පමණයි කරන්නෙ. ඕනෑම කෙනෙකුට රටෙන් පිටවියාමට නිදහස තිබෙනවා. සංචාරයන් නොපැමිණෙන්නේ එම අයගේ නොකැමැත්ත නිසයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

