බ්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යාපනික හා ප්‍රජා සත්කාර තවත් අදියරක් නිමයි
මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයෙකු වන බ්‍රැන්ඩික්ස් සමාගම දෙහිඕවිට සහ ආණ්ඩිඅම්බලම යන ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා හා මඩකලපුව ප්‍රදේශයේ ජනතාවගේ සනීපාරක්ෂාව වෙනුවෙන් වැසිකිළි කාමර 34ක් ඉදිකරදී එය ජනතා අයිතියට පැවැරීම පසුගියදා සිදුකෙරිණි.
එම ව්‍යාපෘතිය මගින් පාසල් සිසුන් සහ පුද්ගලයන් 900කට අධික පිරිසකට ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න සනීපාරක්ෂක පහසුකම් සැපයෙන අතර, බ්‍රැන්ඩික්ස් සමූහය දිවයින පුරා ප්‍රජාවන්ට සැලකිලිමත් වීමේ සහ බලගැන්වීමේ මෙහෙවර තවදුරටත් සිදුකරමින් පවතී.
මෙම වැඩසටහන මගින් දෙහිඕවිට දෙමළ මහා විද්‍යාලයේ ගැහැණු ළමුන් සඳහා වැසිකිළි කාමර හතරක් හා ආණ්ඩියම්බලම බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයටද වැසිකිලි කාමර හතර බැගින් ඉදිකර ඇත. ඊට අමතරව සේවකයන්ගේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සනීපාරක්ෂක පහසුකම් ලබාදෙමින්, මඩකලපුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පෙර සැකසූ වැසිකිළි 26 ඉදිකරදීමටද බ්‍රැන්ඩික්ස් සමූහය කටයුතු යොදා තිබුණි.
එමෙන්ම ‘ආදර්ශ ගම්මාන වැඩසටහන’ යටතේ දිවයිනේ පාසල්, රෝහල් සහ පොදු ගොඩනැඟිලි සඳහා පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව සැපයීමද බ්‍රැන්ඩික්ස් සමූහයේ තවත් අනර්ඝ සේවාවකි.
බ්‍රැන්ඩික්ස් සමූහය දීර්ඝ කාලයක පටන් මෙරට සියලුම දරු දැරියන්ට හා පුරවැසියන්ට හිතකර පරිසරයක් හා නිසි අධ්‍යාපනයක් නිර්මාණය කිරීම සඳහා කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී. මේ අවස්ථාවද බ්‍රැන්ඩික්ස් සමූහය සිය අධ්‍යාපනික හා ප්‍රජා සත්කාර මෙහෙවරේ තැබූ තවත් ඉදිරි පියවරකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
