මර්බන් බොර තෙල් බැරල් 8,400,000ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,960,000ක් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තු සිංගප්පූරු සමාගම් ද්විත්වයක් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2020 ජනවාරි 01 සිට 2020 අගෝස්තු 31 දක්වා මාස 08ක කාලයක් සඳහා මර්බන් බොර තෙල් බැරල් 8,400,000ක් මිලදී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සිංගප්පූරුවේ M/s B.B. Energy (Asia) Pvt. Ltd. වෙතත්, 2019 ඔක්තෝබර් 01 සිට 2020 ජුනි 30 දක්වා මාස 09ක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,960,000ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ M/S Emirates National Oil Company Pvt. Ltd. වෙතත් පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අනුමැතිය හිමිව ඇත.