ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල තවදුරටත් පහළ යෑමක් මෙම සතිය අවසානය වනවිට දැකගත හැකි විය.
එක්සත් ජනපදය සහ චීනය අතර පැවති වෙළෙඳ යුද්ධයත්, මැදපෙරදිග කලාපයේ පැවති උණුසුම් තත්ත්වයක් තෙල්මිල ඉහළ යෑම කෙරෙහි බලපා තිබුණි.
නමුත්, මෙම තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් තිබුණද, එය තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ යෑම සඳහා හේතුවක් නොවනු ඇති බවද කියයි.
මහ බැංකුව විසින් නිකුත් කෙරුණු දත්ත පෙන්වා දෙන්නේ, පසුගිය 25දා වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 61.48ක් සහ ඔපෙක් බැරලයක මිල 61.63ක් ලෙස සටහන් වූ බවයි.