බදුකරණය පිළිබඳ එක් දින වැඩමුඑවක් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, ලංකා බැංකුව සහ ඌව පළාත් වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබයි.
2019 අගෝස්තු මස 17 වැනි සෙනසුරාදා පෙ.ව.8.30 සිට ප.ව.4.00 දක්වා ඌව පළාත් වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්පත් දායකත්වය සපයනු ලබයි.
එහිදී, එකතුකළ අගය මත බදු (VAT), සරල කරන ලද එකතුකළ අගය මත බදු (SVAT), ජාතිය ගොඩනැගීමේ බදු (NBT), රඳවා ගැනීමේ බදු (With Holding Tax), ආදායම් බදු (PAYE, Income Tax), RAMIS පද්ධතිය (RAMIS System) ඇතුළු අනෙකුත් සියලුම බදු වර්ග පිළිබඳ සාකච්ඡාවට භාජනය වීමට නියමිතය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි සංවර්ධනය උදෙසා එන්ටර්ට්රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රම සහ සපයනු ලබන අනෙකුත් සේවා පිළිබඳ මෙන්ම, බැංකුව සමග ගනුදෙනු කිරීමේදී මුහුණපෑමට සිදුවන ගැටලු නිරාකරණය පිළිබඳ විශේෂ කෙටි දේශනයක් ලංකා බැංකුව, කොළඹ ප්‍රධාන ශාඛාවේ නිලධාරියෙකු විසින් මෙහිදී පවත්වනු ලැබේ.
මෙම වැඩමුළුවට සම්බන්ධ වන ඔබට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ බදුකරණය ආශ්රිත සියලුම ගැටළු නිරාකරණය කරගත හැකි අතර, සහභාගීත්වය වෙනුවෙන් වටිනා සහතික පත්‍රයක්ද පිරිනැමෙන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි. මෙම වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සහ ලියාපදිංචිවීම 011-4741788 හෝ 055-2224195 යන දුරකථන අංක අමතා සිදුකළ හැකි අතර, ඔබගේ පැමිණීම 2019 අගෝස්තු මස 17 වැනි දිනට පෙර තහවුරු කළ යුතු බවද ඔවුහු වැඩිදුරටත් පවසති.