පොලී සහන ණය ලබාගැනීමේ මූලික සුදුසුකම් ලැබූවන් 1000ක්
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ දෙවැනි දිනය නිමා වනවිට දහසකට ආසන්න පිරිසක් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය ලබාගැනීම සඳහා සුදුසුකම් මත මූලික ලියාපදිංචිය සිදුකර තිබේ.
ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව මගින් ඔවුන් මෙම මූලික ලියාපදිංචිය ලබාගෙන ඇත.
රන් අස්වැන්න, ගොවි නවෝදා වැනි කෘෂිකර්මාන්තය යාන්ත්‍රීකරණයට සහ වාණිජකරණයට ලක් කිරීමට අදාළ ණය යෝජනා ක්‍රම කෙරෙහි එම ජනතාව වැඩි උනන්දුවක් දක්වනු දක්නට ලැබුණු බව මුදල් අමාත්‍යංශය කියයි.
මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ලබාදෙන ජය ඉසුර ණය යෝජනා ක්‍රමය පිළිබඳවද ජනතාව තුළ උනන්දුවක් ඇති බව ව්‍යවසායකත්ව කලාපයේ සිටින රාජ්‍ය බැංකු නිලධාරීන් පවසන බව ඔවුහු වැඩිදුරටත් පවසති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

