ප්‍රාග්ධන වෙළඳපොළ Seed to Scale සංසදයට තාක්ෂණික සමාගම් රැසක්
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් වෙළඳපොළ (CSE) විසින් මෑතකදී කොළඹදී තාක්ෂණික සමාගම් රැසකට “Seed to Scale - Unlock Value & Potential” යන තේමාවෙන් අංකුර ව්‍යාපාරයක සිට මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා වූ ප්‍රාග්ධන වෙළෙඳපොළ අවස්ථා සොයන සුවිශේෂී සංසදයක් පවත්වන ලදී.
මැදි කාලීන හා ඉන් ඔබ්බට දිගුකාලීන ව්‍යාපාර වර්ධනයක් අපේක්ෂාවෙන් ප්‍රාග්ධන වෙළෙඳපොළ අරමුදල් භාවිත කිරීමට තාක්ෂණික සමාගම් සම්බන්ධ කරගැනීම හා එම සමාගම් දිරිගැන්වීමේ අරමුණ පෙරදැරිවූ මුල පිරීමක කොටසක් ලෙස මෙම සංසදය හඳුන්වයි.
ඒ අනුව, ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති තාක්ෂණික අංශයේ සමාගම් 60කට අධික සංඛ්‍යාවක නැගීඑන තාක්ෂණික ව්‍යාපාර නායකයන්ට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වීම තුළින් ප්රාග්ධනය රැස් කිරීමේ මාර්ගයන් සාකච්ඡා කිරීම සඳහා කර්මාන්ත නායකයන් සහ විශේෂඥයන් සමඟ සම්බන්ධ වීමට මෙය කදිම අවස්ථාවක් විය.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ICTA සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය, SEC සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර, CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, සෙන්ට් ඇන්තනීස් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ ජීවන් ඥානම්, කැපිටල් එලායන්ස් හෝල්ඩින්ග්ස් හි ජ්‍යෙෂ්ඨ උප සභාපති අශ්වන්ත් විජයරාම්,, සර්ජ් ග්ලෝබල් හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර යන මහත්වරුන් මෙම අවස්ථාවේ සම්පත් දාකයන් ලෙස සහභාගී වූහ.
මෙම සංසදය පැවැත්වුණේ ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි අඛණ්ඩ සාර්ථකත්වය මධ්‍යයේ වන අතර, එය වසර දෙකක් අඛණ්ඩව ඉහළ යමින් පවතී. 2026 ජනවාරි මාසයේදී CSE ප්‍රාග්ධන වෙළෙඳපොළ සන්ධිස්ථාන කිහිපයක් බිඳ දැමූ අතර, සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අඛණ්ඩව නව වාර්තා තැබූ අතර, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු.බිලියන 8.5 සීමාව ඉක්මවා ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

