ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා පසු අස්වනු තාක්ෂණ ආයතනය විසින් එක්ව සංවිධානය කරන ලද එළවලු, පළතුරු හා ධාන්‍යය සම්බන්ධ පසු අස්වනු තාක්ෂණය පිළිබඳව එක්දින සම්මන්ත්‍රණය හෙට (28දා) පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා අංක 450, ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ඉංග්‍රීසි මෙන්ම සිංහල මාධ්‍යයෙන්ද පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය කෘෂිකාර්මික අංශයේ නැයැලෙන පිරිස් වෙත බෝහෝ ප්‍රයෝජනවත් වන අතර පශ්චාත් අස්වනු කාලපරිච්ඡේදයේදී අනුගමනය කළ හැකි නවතම ක්‍රමවේද හා තාක්ෂණයන් පිළිබඳව පළපුරුද්ද මෙහිදී ලබාගත හැකි බව කියයි.
ශ්‍රී ලංකා පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නිලධාරීන් මෙහිදී සම්පත්දායකයන් ලෙස සහභාගී වන අතර ධාන්‍යය පසු අස්වැන්න සම්බන්ධව මෙන්ම එළවලු හා පලතුරු පසු අස්වැන්න සම්බන්ධව මෙම සම්මන්ත්රනයේදී අවධානය යොමු කරන බවත් ප්‍රශ්න හා පිළිතුරු සැසියක්ද සහිතව පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වන්නන්ට වටිනා සහතිකයක්ද පිරිනැමීමට කටයුතු කරන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.