පලතුරුවල කාබයිඩ් තිබේදැයි සෙවීමට මොබයිල් ඇප් එකක්
කාබයිඩ් භාවිතයෙන් ඉදවූ පලතුරු සොයාගැනීමට ජංගම දුරකථන යෙදවුමක් නිපදවීමට ජපුර සරවියේ සිසුන් පිරිසක් කටයුතු කර තිබේ.
දැනට කෙසෙල්වල කාබයිඩ් තිබේද යන්න පමණක් මෙමගින් හඳුනාගත හැකි අතර, ඉදිරියේදී අඹ සහ ගස්ලබු ආදී පලතුරු සම්බන්ධයෙන්ද පාරිභෝගිකයාටම අදාළ තත්ත්ව සහතිකය ලබාගැනීමට හැකි ලෙස මෙම යෙදවුම වැඩිදියුණු කරන බව ඔවුහු පවසති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වසර 60ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද Innovate Sri Lanka 2019 ප්‍රදර්ශනයේදී මෙම නිමැවුම එළිදක්වා ඇති අතර, ප්‍රදර්ශනය හෙට (03දා) දිනයේදීද බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙයි.
popular news
-
Kumar Friday, 05 April 2019 06:43 AM
පලතුරුවලට යොදන්නේ calciumcarbide වලට වතුර ඉසීමෙන් පිටවෙන වායුවක් නේද? එම වායුව වැල්ඩින් වැඩවලටත් යොදනවා. කලට පෙර ඉදෙන පලතුරුවල රස අඩුවෙන එකට වඩා දෙයක් සිදුවෙන්න හේතුවක් නැත. ඇමෙරිකාවට ගෙනෙන පලතුරු ඉදවන්නේ මේ ආකාරයටයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

