පාරිභෝගික ජනතාවට විඳින්නට සිදුවන ගැහැට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කිරීමට ඇති 1977 දුරකතන අංකය විසන්ඳි කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මීට දින තුනකට පෙර අධිකාරියේ 1977 දුරකතන අංකයට මුදල් නොගෙවීම නිසා එය විසන්ධි කර ඇති බව හා පොදු දුරකතන අංකයට ඇමතීමට නිළධාරීන් අනුයුක්ත කර නොමැති බව සිය සංවිධානය විසින් කරන ලද හෙළිදරව්වකදී පැහැදිලි වූ බවත් ඔවුන් කියයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ මානව සම්පත් අධ්‍යක්ෂකවරයා විසින් මෙම මස 23 වැනි දින වනවිට එම දුරකතන අංකය සඳහා අදාල චෙක්පත සූදානම් කර ඇතත් අද (25දා) දින උදේ වන විටත් එම චෙක්පත දුරකතන සමාගම වෙත යෑවීමට මූල්‍ය අධ්‍යක්ෂකවරයා කටයුතු කර නැති බවද ඔවුන් පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ හරිහැටි රාජකාරී කරනු ලබන්නේ මානව සම්පත් අංශය පමණක් බවත්, 1977 දුරකතන අංකය භාරව කටයුතු කරනු ලබන නීති අංශයේ අධ්‍යක්ෂකවරිය සහ එහි ජේෂ්ඨ විමර්ශණ නිළධාරීයා හරිහැටි රාජකාරි නොකරන බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා පීඩාවට පත්වන්නේ මෙරට පාරිභෝගික ජනතාව බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පවසයි.