අනුරාධපුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කෞතුකාගාරය විවෘත කිරීම පසුගිය 12දා එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතින් සිදුවිය.
දශකයක් පුරා ක්‍රියාත්මක වූ එක්සත් ජනපද අරමුදල් සැපයූ මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේදී එහි එකතුව සංරක්ෂණය සඳහා වැඩිදියුණු කළ සංරක්ෂණ ක්‍රම හා උපකරණද ඇතුළත් බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
රන් ආලේපිත කළ පිළිම, ලෝකඩ පිළිම, පුරාණ කාසි, ඇඳුම් පැළඳුම් සහ විවිධ කර්මාන්ත සඳහා භාවිත කරන මෙවලම් සහ පුරාණ අනුරාධපුර නගරයේ ආකෘතීන්ද ඇතුළත් වන මෙම එකතුව පුරාවිද්‍යාත්මක වැදගත් දුර්ලභ වස්තූන්ගෙන් සමත්විත වූ බව එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.