2018 නොවැම්බර් මාසයේ ලක්ෂ්යමය උද්ධමනය 1.0%ක අගයක් වාර්තා කරමින්, ඔක්තෝබර් මාසයේ පැවති 0.1% උද්ධමනය දක්වා වූ එය පහළ ගිය ප්‍රවණතාව වෙනස් කරමින් ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය නොවැම්බර් මාසයේ උද්ධමනය ප්‍රකාශයට පත්කර ඇත.
2018 නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ -1.78%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.80%ක දායකත්වයක් පිළිවෙළින් ලබාදී තිබේ. එහෙත්, 2017 නොවැම්බර් මාසයේදී 8.4%ක්වූ උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 6.9%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 1.5%ක් විය.
මේ අතර, ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්ධනය කළවිට, 2018 ඔක්තෝබර් මාසයේ 124.9ක් වූ දර්ශකාංක අගය, 2018 නොවැම්බර් මාසයේ 127.7ක් දක්වා ඉහළ යෑමක් වාර්තා කර තිබේ.