රේගු දෙපාර්තමේන්තුවට නව සහකාර රේගු අධිකාරීවරුන් 134 දෙනෙකු බඳවා ගැනීමට අදාළ පත්වීම් ලිපි ප්රදානය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19දා) මුදල් අමාත්‍යංශයේදී සිදුවිය.
12,000ක් පමණ වූ අපේක්ෂකයන් පිරිසක් පෙනී සිටි තරග විභාගයකින් තෝරා පත්කර ගැනුණු මෙම උපාධිධාරීන් පිරිස දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් තේරීපත්ව ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
එහිදී, අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේ, රේගු දෙපාර්තමේන්තුව යනු රටට ප්‍රධාන බදු ආදායම ලබාදෙන ආයතනය පමණක් නොව, නීති විරෝධී අවි ආයුධ, අන්තරායකර ඖෂධ සේම නීති විරෝධී මත්ද්‍රව්‍ය රට තුළට ඒම වැළැක්වීමේ ප්රමුඛ ආයතනය බවයි. රේගු දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා රජය මුල පුරා ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.