කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ‘ජාතික පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහනේ ජාතික පදක්කම් ප්රදානෝත්සවය 2025’ පසුගියදා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
මෙහිදී, නව යොවුන් ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් මහජන බැංකුව දියත් කරන People’s BizTeens Challenge 2025 දීප ව්‍යාප්ත වැඩසටහනට අදාළ චෙක්පත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) වෙත පිරිනැමිමද සිදුකෙරිණි.
මේ අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවි නිස්සංක, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) නලින් පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුළු මහජන බැංකුවේ සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් සහභාගි වූහ.