මැයි මාසයේ ආරම්භ වූ එක්ස්ප්‍රෙස් පර්ල් බහාලුම් යාත්‍රා ගින්නෙන් පසුව, එක්සත් රාජධානියේ රජය විසින් ශ්‍රී ලංකාවේ සාගර ජීවීන් සහ වෙරළබඩ වාසස්ථාන කෙරෙහි ඇති කරන බලපෑමට ප්‍රතිචාර දැක්වීම සඳහා සමුද්‍ර දූෂණය පිළිබඳ විශේෂඥ දැනුම ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් පැවසුවේ, "එක්සත් රාජධානියේ පරිසර, ධීවර හා ජලජීවී විද්‍යා මධ්‍යස්ථානය (Cefas) විසින් ප්ලාස්ටික් දූෂණය අධීක්ෂණයට මෙන්ම පාරිසරික හා සමාජ ආර්ථික බලපෑම් තක්සේරු කිරීම් සඳහා සහාය සහ අත්දැකීම් සහ විශ්ලේෂණ හැකියාව ලබාදෙමින්, ශ්‍රී ලංකාවට මෙම හදිසි ප්‍රතිචාරයට සහාය ලබාදෙනවා" යනුවෙනි.
සාම්පල, විශේෂයෙන් ප්ලාස්ටික් පැලට් සහ රසායනික දූෂණයන් සම්බන්ධයෙන් රසායනාගාර විශ්ලේෂණයට Cefas සහාය වේ. ඔවුන් සිය එක්සත් රාජධානියේ රසායනාගාරයෙන්, කඩොලාන, මුහුදු වෙරළ සහ කොරල් පර ඇතුළු සාගර හා වෙරළබඩ වාසස්ථාන සහ විශේෂයන්ට ඇතිවිය හැකි ප්‍රතිවිපාක තක්සේරු කිරීම සඳහා රට තුළ කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කරන බව කියයි. එසේම දේශීය ප්‍රජාවන්ට සහ ජීවනෝපායන් සඳහා වන බලපෑම තක්සේරු කිරීම සඳහාද එක්සත් රාජධානියේ විශේෂඥයන් සමාජ ආර්ථික විශ්ලේෂණයට දායක වන බවද සඳහන් වෙයි.