දිට්වා නිසා බිඳවැටුණු සබඳතා ගොඩනගා ගැනීමට HUTCH
HUTCH සමාගම, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍රියාකරුවකු ලෙස දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් මෙරට ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ ය. එටිසලාට් සමාගම අත්පත් කර ගැනීමෙන් පසුව HUTCH සමාගම, නිහඬව නමුත් වේගයෙන් සිය ජාලය ශක්තිමත් කර ගත් අතර, අද වන විට මෙරට වඩාත්ම නවීන සහ ශක්තිමත් සන්නිවේදන ජාලයකට හිමිකම් කියයි. එමෙන්ම විශ්වසනීයත්වය මෙන්ම පාරිභෝගික අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නගා සිටුවීම සඳහා, ඩිජිටල් අවකාශය අතර ඇති පරතරය අවම කරමින් නිර්මාණය කරන ලද ජාලයන්ගෙන් එකක් ලෙස ක්‍රියා කරයි.
ෆයිබර් ඔස්සේ මෙන්ම 'over-the-air' මයික්‍රෝවේව් සම්බන්ධක ඔස්සේ විවිධාංගීකරණය වූ backhauling සම්බන්ධතාවයකින් යුත් HUTCH හි සැලසුම් කරන ලද ජාල ව්‍යුහය මෙම ව්‍යසන අවස්ථාවේ දී උපකාරක සේවාවක් බවට පත් විය. මෙය ගලවා ගැනීමේ මෙහෙයුම්, තීරණාත්මක අනතුරු ඇඟවීම් සහ තම ආදරණීයන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන පවුල් අතර අත්‍යවශ්‍ය සන්නිවේදනය සඳහා අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තහවුරු කළේය.
රටවල් 11ක සන්නිවේදන සේවා සපයන ලොව ප්රමුඛ පෙළේ සමාගමක් වන CK Hutchison Holdings හි අනුබද්ධිත ආයතනයක් වන HUTCH සමාගම සිය ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කරගනිමින් ආපදා අවස්ථාවේ දී වේගවත් සහ වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළේය. සන්නිවේදන බිඳ වැටීම් සිදු වූ ස්ථානවලට ඉංජිනේරුවන් හෙලිකොප්ටර් මගින් යොමු කර පැය කිහිපයක් ඇතුළත සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන් පියවර ගත් අතර එමඟින් සම්බන්ධතාවයේ වැදගත්කම පෙන්වා දුන්නේ ය.
අර්බුදකාරී මොහොතක සන්නිවේදනයේ වැදගත්කම හඳුනාගත් HUTCH සමාගම, ජනතාව අතර සම්බන්ධතාව පවත්වා ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් සියලුම ග්රාහකයන් හට සති තුනකට ආසන්න කාලයක් නොමිලේ ඇමතුම්, කෙටි පණිවුඩසහ Data ඇතුළත් සහන පැකේජ ලබා දුන්නේය. ව්‍යාපාර වල නියැලෙන පාරිභෝගිකයන් වෙත ද නම්‍යශීලී ගෙවීම් පහසුකම් සහිතව අඛණ්ඩ සේවාවක් ලබා දුන් අතර, නව පාරිභෝගිකයන්ට eSIM තාක්ෂණය හරහා නොමිලේ Data පහසුකම් සමඟ සේවාවට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙනු ලැබුවා.
නිවසේ සිට ආරක්ෂිතව ඩිජිටල් ප්‍රවේශයට සහාය වීම සඳහා, පාරිභෝගිකයින්ට බිල්පත් ගෙවීමට සහ මාර්ගගතව මුදල් එකතු කිරීමට පහසුකම් සලසා දුන් අතර, එය බොහෝ දෙනෙකුට පළමු වරට ඩිජිටල් ආර්ථිකය සමඟ සම්බන්ධ වීමට උපකාරී විය.
HUTCH ජාලකරණ කටයුතුවලට සීමා නොවීමෙම අවස්ථාවේ දී සහය ලබා දුන් අතර HUTCH සමාගම විදුලිය නොමැතිව සිටි ජනතාවට මෙන්ම සහන කඳවුරු සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන් වෙත සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජංගම දුරකථන ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීමටත් කටයුතු කළේ ය. විශේෂයෙන් ම "Rebuild Sri Lanka අරමුදල" සඳහා රුපියල් ලක්ෂ 600ක දායකත්වයක් ලබා දෙමින් පුද්ගලික අංශයේ සහයෝගය සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර, එය මෙතෙක් සිදු කළ විශාලතම ආයතනික පරිත්‍යාගයන්ගෙන් එකක් වේ.
මෙම කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් HUTCH සමාගමෙහි ප්‍රධාන තාක්ෂණ හා තොරතුරු නිලධාරී අසංග රණසිංහ මහතා පැවසුවේ “වේගවත් හා ඉලක්කගත ප්‍රතිචාර හරහා අපගේ ක්ෂේත්‍ර සහ මෙහෙයුම් කළමනාකරණ කණ්ඩායම්, අර්බුදයකදී අපගේ ජනතාව අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමටත්, ඔවුන් යළි ගොඩනැගෙන විට අවශ්‍ය සහාය ලබා දීමටත් HUTCH සමාගම කැපවීමෙන් කටයුතු කරන බවයි.”
මෙම කටයුතු තුළින්, HUTCH සමාගම මෙවැනි අවස්ථාවලට මුහුණදීමට ඇති හැකියාව සහ ජනතා කේන්ද්‍රීය තීරණ ගැනීම සඳහා වන සිය කැපවීම පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම සහ දිගුකාලීන සංවර්ධනය සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

