දිවයින පුරා මේවන විට උග්‍ර ගෑස් හිඟයක් පවතන බවත්, සමහර කඩ හිමියන් රු.4,500ක් වැනි මුදලකට පාරිභෝගිකයින්ට ගෑස් අලෙවි කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට පැමිණිලි කිරීමට ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරිය බව පෙන්වා දෙන ඔවුන්, පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයන් ගසා කෑමට ව්‍යාපාරිකයින්ට ඉඩකඩ දෙනු ලබන මෙම අවස්ථාවේදී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය භාර රාජ්‍ය ඇමතිවරයා සිය රාජකාරි පසෙකලා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වන්දනාවේ යන බව කියයි.
සජිත් ප්‍රේමදාස මහතා බලයට පැමිණියද ජනතාවට සේවය කිරීමට සිටින්නේද, මෙම වැඩ බැරි ටාසන්ලාම බවත්, තමන්ට බලය තිබෙන විට හරියට වැඩ නොකරන මෙවැනි අමාත්‍යවරු ජනතාවට සේවය කරන ආකාරය පිළිබදව වේදිකාවල පැහැදිලි කරන ආකාරය පිළිබඳව සිනහවීම හැර කළ හැක්කක් නොමැති බවද කියයි.