දිවයින පුරා උද්ගතව පැවති ගෑස් හිඟය තවමත් පහව ගොස් නොමැති බව වාර්තා වෙයි. දිවයිනේ බොහෝ පළාත්වල පාරිභෝගිකයන් පවසා තිබුණේ ගෑස් හිඟයෙන් ඔවුන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.
LP ගෑස් නොමැති නිසා ඇතැම් ගෑස් වෙළෙඳ සැල් වසාදමා තිබුණු බවත්, හෝටල් සහ ආදාහනාගාර පවා මෙම ගෑස් හිඟයෙන් පීඩාවට පත්වූ බවත් සඳහන් විය.
මේ අතර, ගෑස් හිඟය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා (01දා) නිවේදනයක් නිකුත් කරමින් ලාෆ්ස් ගෑස් පී.එල්.සී සමාගම පවසා තිබුණේ, වර්ධනය වූ ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා සිය සමාගම, පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් එල්.පී. ගෑස් සැපයුම දෙගුණයකින් වැඩිකළ බවයි.
සෞදියේ ඇරම්කෝ තෙල් සැකසුම් පරිශ්‍රය වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් පහත වැටුණු ගෑස් සැපයුම නිසා ලාෆ්ස් ගෑස් සැපයුමද කෙටි කාලීනව සීමා වූ බව පවසන ඔවුන්, වැඩිවූ ඉල්ලුම සපුරාලීම සඳහා සැපයුම දෙගුණයකින් වැඩි කිරීමට සමත් වුවද, තරගකාරී ආයතනයන්හි ඇති වූ හිඟයද එල්.පී ගෑස් සඳහා වූ පාරිභෝගික ඉල්ලුම තවත් වැඩි වීමට හේතු වූ බව කියයි. කෙසේ වෙතත්, පාරිභෝගික ඉල්ලුම අඛණ්ඩව හිඟයකින් තොරව සැපයීමෙහිලා ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් එම සමාගම වැඩිදුරටත් පවසයි.