මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ දැමීමේ මුදල් මණ්ඩල තීරණයට සමගාමීව දැනටමත් පහළ යෑමක් පෙන්නුම් කරන තැන්පතු පොලී අනුපාතික හා සමගාමීව සියලුම සියලු වෙළෙඳ පොළ ණය පොලී අනුපාතිකද පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
එමෙන්ම, මහ බැංකුව වෙළෙඳ පොළ ණය පොලී අනුපාතිකවල ප්‍රවණතාව අඛණ්ඩව අධීක්ෂණය කරන බවත්, අදාළ කාල රාමුව තුළ අපේක්ෂිත පරිදි ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් සිදු නොවූවහොත් මූල්‍ය ආයතනවල වෙළෙඳ පොළ ණය පොලී අනුපාතික සඳහා සුදුසු පරිදි සීමා පැනවීමට මුදල් මණ්ඩලය නිර්දේශ කරනු ඇති බවද කියයි.
මේ සඳහා අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එවැනි කාලරාමු සහ ක්‍රියාමාර්ග පිළිබඳව නුදුරේදීම දැනුම් දෙනු ඇති බවද මහ බැංකුව කියයි.