දකුණු ආසියාවේ විශාලතම OMODA - JAECOO ප්‍රදර්ශනාගාරය කොළඹට
හේලීස් මොබිලිටි ආයතනය, දකුණු ආසියාවේ විශාලතම OMODA & JAECOO (OJ) ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹ 02, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ, අංක 127/1 දරණ ස්ථානයේදී පසුගියදා විවෘත කරන ලදී.
ශ්‍රී ලංකාව තුළ නවීන සහ පරිසර හිතකාමී වාහන භාවිතය ප්‍රචලිත කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම හැඳින්විය හැකි අතර, දකුණු ආසියානු කලාපයේ මෝටර් රථ ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති දියුණුවද මෙයින් මනාව පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ OJ වාහන අලෙවි කිරීමේ එකම බලයලත් නියෝජිතයා ලෙස, හේලීස් මොබිලිටි ආයතනය මෙරට ප්‍රවාහන ක්ෂේත්රය වඩාත් නවීන සහ පරිසර හිතකාමී මාවතකට ගෙන යාමටද කටයුතු කරයි. Chery සමූහය සමඟ එක්ව 'ඕනෑම ගමනකට එක් සන්නාමයක්' (One Brand for Every Journey) යන අරමුණ යටතේ, පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින් සෑම ගමනකටම ගැළපෙන වාහන මෙන්ම, ඒවාට අවශ්‍ය පහසුකම් සැපයීම ද හේලීස් මොබිලිටි විසින් සිදු කිරීම සුවිශේෂී වේ.
මෙම ප්‍රදර්ශනාගාරය OJ වාහන සඳහාම වෙන් කර ඇති අතර, එහි උසස් තත්ත්වයේ විද්‍යුත් (Electric), ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (PHEV) සහ සාමාන්‍ය ඉන්ධන වාහන (ICE) දැකගත හැකිය. එසේම පාරිභෝගිකයන්ට මෙහිදී JAECOO J8, J7 PHEV, J6, J5 මෙන්ම OMODA C9 PHEV, C5 සහ E5 යන වාහන මාදිලි නැරඹීමට සහ පදවා බැලීමේ (Test Drive) අවස්ථාව ලබා දීමටද කටයුතු සලසා දී ඇත.
වාහනයක් තෝරා ගැනීමේ සිට එය පාරිභෝගිකයා අතට ලැබෙන තෙක්ම සහ අලෙවියෙන් පසුද පාරිභෝගිකයාට ඉහළ පෙළේ සේවාවක් ලබාදීමට මෙහිදී හේලීස් මොබිලිටි කටයුතු කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන සියලුම පහසුකම් කොළඹ 10, ආර්නෝල්ඩ් රත්නායක මාවතේ පිහිටි විශේෂිත වාහන බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් සලසා දී තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, මෙම ප්‍රදර්ශනාගාරය පාරිභෝගිකයන් බලාපොරොත්තු වන ඉහළම ගුණාත්මකභාවය සහ නවීනත්වය මනාව පෙන්නුම් කරන බවත්, ලෝකයේ දියුණු රටවල පවතින නව බලශක්ති වාහන (NEV) අත්දැකීමක් මේ හරහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට හිමිවන බවත් සඳහන් කළේය.
හේලීස් මොබිලිටි හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මියද අදහස් දක්වමින්, කොළඹ අල්ටෙයාර් (Altair) පරිශ්‍රය මෙම ප්‍රදර්ශනාගාරය සඳහා ඉතාම ගැළපෙන ස්ථානයක් බවත්, පාරිභෝගිකයන්ට ඉතා නිදහසේ සහ පහසුවෙන් වාහන ගැන තොරතුරු විමසා බලා ඒවා තෝරා ගැනීමට හැකි වන පරිදි මෙහි සෑම අංගයක්ම සකස් කර ඇති බවත් සඳහන් කළාය.
වැඩි විස්තර දැනගැනීම සඳහා www.hayleysmobility.com සහ www.omodajaecoo.com.lk වෙබ් අඩවි වෙත පිවිසීමට හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

