දකුණු ආසියාවේ ප්‍රථම Card Present Connect සේවාව දැන් ශ්‍රී ලංකාවේදී
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන Visa, NDB බැංකුව හා එක්ව අන්තර්ජාලය හරහා සහ පරිබාහිරව සිදු කරන ගනුදෙනු ද්විත්වයටම සහාය දක්වන, ඩිජිටල් ගෙවීම් භාරගැනීම සඳහා වන 'Card Present Connect' සේවාව දියත් කරන ලදී.
මෙය Visaහි විවෘත ගෙවීම් වේදිකාව වන අතර Cybersource මගින් බලගන්වන්නකි. Visa Acceptance Solutions යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ගෝලීය ගෙවීම් දොරටුවක් ලෙස සැලකෙන Cybersource, ජාත්‍යන්තර කාඩ්පත් පද්ධති ආවරණය කරමින් ඉතා ආරක්ෂිත ගෙවීම් ක්‍රියාවලියක් සඳහා පහසුකම් සපයයි.මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්යාපාරිකයන්ටවඩාත් කාර්යක්ෂම සහ සුරක්ෂිත ලෙස කාඩ්පත් මඟින් ගෙවීම් ලබාගැනීමේ පහසුකම හිමිවේ.
මෙම හඳුන්වාදීම, දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ මෙවැනි විසඳුමක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ. මෙම නවතම විසඳුම මගින් ව්‍යාපාරවලට Android Smart POSඋපාංග භාවිතයෙන් EMV චිප්, Contactless සහ Mobile wallet ගෙවීම් පිළිගැනීමේ හැකියාව ලැබේ. ව්‍යාපාරිකයන් සඳහා මෙය පිරිවැය අවම කිරීමක් සහ ඉහළ ආරක්ෂාවක් ලබා දෙන අතර, දේශීය හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්වෙත ප්‍රවේශ වීමට ද ඉඩ සලසයි. මුදල් භාවිතයෙන් තොර ආර්ථිකයන් තුළ ගෝලීය වශයෙන් තරඟ කිරීමට සහ සිය ව්‍යාපාර පුළුල් කිරීමට මෙය සුවිශේෂී දායකත්වයක් සපයයි.
ගනුදෙනු භාරගන්නා බැංකුසඳහා මෙම පියවර මගින් පිරිවැය කාර්යක්ෂමතාව සහ වෙළෙඳපොළට පිවිසීමේ වේගය වැඩි කරන අතර, Visaහි පූර්වඒකාබද්ධ හවුල්කාර පරිසර පද්ධතිය හරහා සරලව සේවාව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දෙයි. මෙම විසඳුම මගින් බැංකුවලට සංකීර්ණ අභ්‍යන්තර ගෙවීම් යටිතල පහසුකම් ගොඩනැගීමේ සහ නඩත්තු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරන අතරම, පූර්ණ අනුකූලතාව සහ විශ්වසනීයත්වය සහතික කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Visaහි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිනී අවන්ති කොළඹගේ මහත්මිය, "ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවේ වර්ධනය වේගවත් කිරීම සඳහා NDBබැංකුව සමඟ එක්ව මෙම නවතම විසඳුම හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අප සතුටු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සාම්ප්‍රදායික POSයන්ත්‍ර මිල අධික විය හැකි නමුත්, මෙම නව ක්‍රමය මඟින් එම බාධක ඉවත් කරමින් ඕනෑම ප්‍රමාණයක ව්‍යාපාරයකට ඩිජිටල් ගෙවීම් ලෝකයට පිවිසීමට අවශ්‍ය තාක්ෂණය සහ විශ්වාසය අප ලබා දෙනවා" යැයි පැවසීය.
NDBබැංකුවේ පුද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සඳහන් කළේ, "සෘජු ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයට අප පිවිසීම මෙරට ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ තීරණාත්මක පියවරක්. වීසා සමාගමේ ගෝලීය තාක්ෂණය සහNDBබැංකුවේ ශක්තිමත් දේශීය සබඳතා එක්ව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට වඩාත් නවීන, සුරක්ෂිත සහ තිරසාර ගෙවීම් අත්දැකීමක් ලබාදීමට අප කැපවී සිටිනවා" යනුවෙනි.
Visa සහ NDB බැංකුව එක්ව, කාඩ්පත් භාරගැනීමේ හැකියාව ප්‍රචලිත කරමින්, ව්‍යාපාරිකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් සහ රට පුරා ඩිජිටල් ගෙවීම් සඳහා වේගවත් හා පුළුල් ප්‍රවේශයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ගෙවීම් අත්පත් කර ගැනීමේ ක්ෂේත්රයනව අර්ථකථනයකට ලක් කරයි.
Visa Inc. පිළිබඳව
Visa (NYSE: V) යනු ඩිජිටල් ගෙවීම් ලෝකයේ දැවැන්තයෙකු වන අතර, රටවල් සහ භූමි කලාප 200කට වැඩි සංඛ්‍යාවක පාරිභෝගිකයින්, වෙළෙදුන්, මූල්‍ය ආයතන, සහ රාජ්‍ය ආයතන අතර ගනුදෙනු පහසු කරනා බලවත් ආයතනයකි. අපගේ මෙහෙවර වන්නේ, ලොව වඩාත් නව්‍ය, පහසු, විශ්වාසදායක, සහ ආරක්ෂිත ගෙවීම් ජාලයක් හරහා ලෝකය සම්බන්ධ කිරීමයි. එමඟින් පුද්ගලයින්, ව්‍යාපාර, සහ ආර්ථිකයන් සාර්ථකත්වයට පත්වීමට ශක්තිය ලබා දීමයි. සෑම තැනකම සිටින සෑම කෙනෙකුම ඇතුළත් වන ආර්ථිකයන් සෑම තැනකම සිටින සෑම කෙනෙකුම උසස් කරන බවත්, මුදල් ප්රවාහයේ අනාගතය සඳහා ප්‍රවේශය මූලික කරුණක් බවත් අප විශ්වාස කරමු. වැඩි විස්තර සඳහා Visa.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
NDB බැංකුව පිළිබඳව
NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. Euromoney Awards for Excellence 2025 හිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා වන ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB නම් කරන ලද අතර, Asian Banking & Finance Retail Banking Awards 2025 හිදී 'වසරේ දේශීය සිල්ලර බැංකුව - ශ්‍රී ලංකාව' සහ 'වසරේ ඉස්ලාමීය බැංකුකරණ වැඩසටහන - ශ්‍රී ලංකාව' යන සම්මාන දිනා ගන්නා ලදී. ප්‍රාග්ධන වෙළෙඳපොළ උප සමාගම්වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන NDB, සුවිශේෂී බැංකු සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ සේවා සමූහයක් ලෙස ක්‍රියාත්මක වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බලගන්වන ලද අර්ථවත් මූල්‍ය හා උපදේශන සේවා හරහා ජාතිය සහ ජනතාව බලගැන්වීමට බැංකුව කැපවී සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
