තිරසාර ව්‍යාපාරික පරිවර්තනයට කොමර්ෂල් හි ForwardTogether
ශ්‍රී ලංකාවට මෙන්ම ගෝලීයවද තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දීර්ඝකාලීන කැපවීමකින් කටයුතු කරන කොමර්ෂල් බැංකුව විසින් මෙම වසරේදී ‘ForwardTogether 2026’ වැඩසටහන සංවිධානය කරන ලදී.
“තිරසාර ආයතනික අනාගතයක් උදෙසා හවුල්කාරීවයන් ගොඩනඟාගැනීම” යන තේමාව ගණුදෙණුකරුවන් සමඟ තිරසාරභාවය පිළිබඳව සංවාදයක් ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පවත්වා තිබේ.
කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ පැවති මෙම අවස්ථාවට ආයතනික හා පුද්ගලික බැංකුකරණය යන අංශ වල ගණුදෙණුකරුවන්, බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සමඟින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) තිරසාරභාවය පිළිබඳ විශේෂඥයින් රැසක් සහභාගී විය. තම දැක්ම ක්‍රියාවට නැංවීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූ බැංකුවේ තිරසාරභාවය පිළිබඳ ජාතික සමුළුව හරහා ඇති වූ පිබිදීම හා එම ගම්‍යතාවයට අනුව හැඩගැසෙමින් පවත්වන ලද මෙම වැඩසටහන, බැංකුව විසින් දැනටමත් පුළුල් ලෙස දියත් කර ඇති ForwardTogether සංකල්පයේ ම කොටසක් බවත්, එහිදී ගණුදෙණුකරුවන්ගේ හවුල්කාරීත්වය සහ ධාරිතාව වර්ධනය කිරීම අවධානය යොමු කළ බවත්, බැංකුව පැවසී ය.
ව්‍යාපාරයක තරඟකාරීත්වය වැඩිකර ගැනීමට, ආයෝජන පිළිබඳ තීරණ ගැනීමට මෙන් ම දිගුකාලීනව නොසැලී සිටීමේ හැකියාව ඇතිකර ගැනීමට, තිරසාරභාවය ඉවහල් වන්නේ කෙසේද යන්න පිළිබඳව ඇති ගෝලීය හා දේශීය දෘෂ්ටිකෝණවල දැනුම බෙදාහදා ගැනීම වෙනුවෙන් ඉතාමත් ක්‍රියාකාරී සහභාගීත්වයක් ඇතිවන පරිදි මෙම සැසිය සැලසුම් කර තිබිණි.
නියාමකයින්ගේ මෙන්ම වෙළඳපල හා ආයෝජකයින්ගේ අපේක්ෂා පරිණාමය වන සහ දේශගුණික තත්ත්ව මගින් ආර්ථික ප්‍රතිඵලවලට වැඩි වශයෙන් බලපෑම් කරන අවධියක මෙම වැඩසටහන හරහා බැංකු හා ගණුදෙණුකරුවන් අතර හවුල්කාරීත්වය වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
මෙම සැසියේ ප්‍රධාන අංගයක් වූයේ, දේශගුණික විපර්යාස අවදානම් සහ හරිත ආයෝජන අවස්ථා යන තේමාව යටතේ IFC හි ජ්‍යෙෂ්ඨ කර්මාන්ත විශේෂඥ හා ගෝලීය නිෂ්පාදන නායිකාව වන කුයෙන් තුක් න්ගුයෙන් මහත්මිය විසින් පැවැත් වූ තාක්ෂණික ඉදිරිපත් කිරීමයි.
දිගුකාලීන වටිනාකම් නිර්මාණය කරමින් ඒවා ශක්තිමත් කර ගන්නා අතරතුර, ව්‍යාපාරවල අවදානම්වලට නිරාවරණය වීම අඩුකරගත හැකි ආකාරය, මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කළහැකි ආකාරය මෙන් ම තිරසාර ආයෝජන අවස්ථා විවෘත කළහැකි ආකාරය පිළිබඳව ද ම සැසිය හරහා ගෝලීය අත්දැකීම් උපයෝගී කරගත් ප්‍රායෝගික අවබෝධයක් ලබා දෙන ලදී.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා සහ IFC හි කුයෙන් තුක් න්ගුයෙන් මහත්මිය අතර පැවැත් වූ සාකච්ඡා මණ්ඩපයක් ද මෙහිදී පැවැත්විණ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ආචාර්ය ගයාෂිකා ප්‍රනාන්දු මහත්මිය විසින් මෙහෙයවනු ලැබූ මෙම සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාවේ තිරසාර ආයතනික පරිවර්තනය වේගවත් කිරීම සඳහා හවුල්කාරීත්වයන්, නව්‍යෝත්පාදනයන් මෙන් ම වගකිවයුතු මූල්‍යකරණයේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමුකළ අතර උපායමාර්ග හා මිනුම් දඬු වලින් මිදී, ක්‍රියාකාරීත්වය හා සහයෝගීතාවයට ගමන් කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

