2019 මුල් මාස හතර තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අලාභය රු.මිලියන 11,143ක් දක්වාත්, සමස්ත අලාභය රු.මිලියන 21,178ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ 2019 වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කරයි.
එම වාර්තාව පෙන්වා දෙන්නේ භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන සහ බලශක්ති උත්පාදන අංශය වෙත ලබාදෙන ඉන්ධනවල මිල ගණන්, ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් සමග ක්‍රියාත්මක මිල සූත්‍ර ක්‍රමවේදය සමග ක්‍රියාත්මක නොවීම මෙසේ ඉහළ අලාභයක් වාර්තා කිරීමට හේතු වී ඇති බවයි.