තරුණ නවෝත්පාදකයන් කිරුළු දැරූ එලිෆන්ට් හවුස් සුපර්හීරෝස් 3 නිමාවේ
තරඟකාරීත්වය, නිර්මාණශීලීත්වය සහ නිසි මඟපෙන්වීම සමඟින් මාස ගණනාවක් පුරා පැවති එලිෆන්ට් හවුස් සුපර්හීරෝස් 3 වැඩසටහනෙහි අවසන් මහා තරඟය 2025 ඔක්තෝබර් 18දා ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර, එය සජීවීව විකාශනය කරනු ලැබීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඇතිව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, දිවයින පුරා විසිරී සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නව අදහස් සහ දක්ෂතා ඉදිරිපත් කිරීම උදෙසා නිමවූ මහඟු තෝතැන්නක් විය. 21 වැනි සියවසේ පුරවැසියන් ලෙස ඔවුන්ගේ නවෝත්පාදන හැකියාවන් ඉතා ධෛර්යවන්තව, දැඩි ආත්ම විශ්වාසයකින් යුක්තව විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබාගනිමින් මෙම අදියර සාර්ථකව අවසන් විය.
මෙවර පැවැත්වූ තුන්වැනි අදියර සඳහා දිවයිනේ නන් දෙසින් පාසල් 135කට වැඩි සංඛ්‍යාවක් සුපිරි සූපවේදී (Super Chef), සුපිරි අස්වනු නෙළන්නා (Super Harvester) සහ සුපිරි ව්‍යවසායක (Super Entrepreneur) යන අංශයන් ඔස්සේ තරඟ වැදුනු අතර, එම තරඟ වටයන් අදාළ ක්ෂේත්රයන්හි විශේෂඥයන්ගේ සහ උපදේශකයන්ගේ මඟපෙන්වීම යටතේ පැවැත්විණි. කුඩා සංකල්පයේ සිට වෙළෙඳපොළට තම නිෂ්පාදනයන් රැගෙන යාම දක්වාම පියවරෙන් පියවර ඔවුන් හට අවශ්‍ය ප්‍රායෝගික දැනුම එලිෆන්ට් හවුස් ආයතනය විසින් ලබා දෙන ලදී.
තුන්වැනි අදියරේ ජයග්‍රාහකයන් -
● Super Chef - පල්ලේකණුගල කනිෂ්ඨ විද්‍යාලය
● Super Harvester - බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය
● Super Entrepreneur - තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය
අනුශූරතාවන් -
● Super Chef - දෙවැනි ස්ථානය: දෙණිකේ පාසල, රිකිල්ලගස්කඩ
● Super Chef - තෙවැනි ස්ථානය: ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය, දිවුලපිටිය
● Super Harvester - දෙවැනි ස්ථානය: මහබෙල්ලන්කඩවල මහා විද්‍යාලය
● Super Harvester - තෙවැනි ස්ථානය: බොනවිස්ටා විද්‍යාලය, ගාල්ල
● Super Entrepreneur - දෙවැනි ස්ථානය: කුරුණෑගල ජනාධිපති බාලිකා විද්‍යාලය
● Super Entrepreneur - තෙවැනි ස්ථානය: විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලය, බලංගොඩ
නිර්මාණශීලි සහ ජනප්‍රියතම සංකල්පය ලෙස රිකිල්ලගස්කඩ දෙණිකේ පාසල, ජනතා මනාපයෙන් ඇඟයීමට පාත්‍ර විය.
පසුගියදා නිමාවට පත්වූ එලිෆන්ට් හවුස් සුපර්හීරෝස් වැඩසටහනෙහි මූලික තරඟ වට මැයි මාසයේදී පැවැත්වූ අතර, අර්ධ අවසන් වටයන් සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 11 දක්වා පැවැත්විණි. අවසන් මහා තරඟය ඉකුත් ඔක්තෝබර් 18 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව වැඩසටහන සාර්ථක අයුරින් නිමා විය.
මෙහිදී පාසල් ශිෂ්‍යයින් හට නවමු අත්දැකීමක් ලබාදෙමින් විශේෂ ප්‍රායෝගික වැඩමුළු, නිෂ්පාදන ඉදිරිපත් කිරීමේ (product pitching) වැඩමුළු පැවැත්වූ අතර සිනමන් හොස්පිටැලිටි ඇකඩමි (Cinnamon Hospitality Academy), ජෝන් කීල්ස් පර්යේෂණ ආයතනය (John Keells Research Labs) සහ සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (Ceylon Cold Stores) ප්‍රධාන කාර්යාලයට සංචාරය කිරීමටත් අවස්ථාව ලැබිණි. සිය ගමන් මඟ ඔස්සේ ආපසු හැරී බලනවිට තම වර්ධනය සහ හැකියාවන් පිළිබඳ සිතා බලන්නටත්, අනාගතයේ තම සාර්ථකත්වය ගොඩනඟන්නටත් ඔවුන්ගේ මෙම ක්‍රියාකාරකම් ලේඛනගත කොට සකසන ලද ඩිජිටල් සඟරා උපකාරී වනු ඇත.
ජොන් කීල්ස් සමූහයේ ජ්‍යේෂ්ඨ උපසභාපති, ෆ්රෝසන් කන්ෆෙක්ෂනරි අංශයේ ප්‍රධානී සතිෂ් රත්නායක මහතා, වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, “එලිෆන්ට් හවුස් සුපර්හීරෝස් 3 වන අදියර දියත් වීමත් සමඟ මේ වන විටත් ආහාර නිෂ්පාදන ක්ෂේත්රයන්හි නව පරිවර්තනයක් ඇති වී හමාරයි. මෙවර අදියර තුළ තරඟකරුවන්ගේ උනන්දුව පමණක් නොව, නවෝත්පාදන ආකල්ප, නායකත්ව හැඟීම සහ දැඩි ආත්ම විශ්වාසය අපට හොඳින් පෙනෙන්නට වුණා. අධ්‍යාපනය, පංතිකාමර සීමාවෙන් ඔබ්බට යා යුතුයැයි අප සෑමවිටම විශ්වාස කරන අතර, ඒ සඳහා ජීවන කුසලතා, ස්වයං අවබෝධය සහ අරමුණු වර්ධනයට අවස්ථාව සැලසිය යුතුයි. රට පුරා විහිදී ඇති මෙම හැකියාවන් පෝෂණය කිරීමෙන්, අපි ගොඩනඟන්නේ අනාගත වෘත්තීයවේදීන් පමණක් නොව, අනාගත නායකයන්” යැයි පැවසීය.
ජොන් කීල්ස් හෝල්ඩිංස් හි කන්සියුමර් ෆුඩ්ස් සභාපති දමින්ද ගම්ලත් මහතා මෙසේ සිය අදහස් පළ කරමින්, “එලිෆන්ට් හවුස් අපේ විශ්වාසය වන්නේ, ශ්‍රී ලංකාවේ මීළඟ පරපුර දිරිගැන්වීම පමණක් නොව, ඔවුන්ව නඟා සිටුවීම සඳහා වේදිකාවක් සෑදීමයි. තරුණ තරුණියන් හට අවස්ථාව, දිරිගැන්වීම සහ මඟපෙන්වීම ලැබුන විට ඔවුන් තුළ ඇති විශිෂ්ට නිර්මාණශීලීත්වය සහ කැපවීම ඉස්මතු වන බව සුපර්හීරෝස් 3 වන අදියර හරහා නැවත වරක් තහවුරු වී තිබෙනවා. මෙම උත්සාහය තනි පුද්ගල හැකියාවන් එළිපෙහෙලි කිරීම පිළිබඳ පමණක් නොව, සමාජීය සහ කර්මාන්ත ක්ෂේත්‍ර පුරා විශාල ධනාත්මක වෙනස්කම් ඇතිකිරීම සඳහා නව රැල්ලක් ඇතිකරන ක්‍රියාවලියක් වෙනවා. තරුණ නවෝත්පාදකයින් හට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මානසිකත්වය සහ කුසලතා ලබාදෙන මෙම ගමනේ කොටසක් වීමට ලැබීම අපට විශාල අභිමානයක්” යැයි පවසා සිටියේය.
මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය පිටුපස එලිෆන්ට් හවුස් සමඟින් අත්වැල් බැඳගත් ආයතන ලෙස කීල්ස් ක්‍රෙස්ට් වෙළඳ නාමය සතු කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම, නවෝත්පාදනය සහ තිරසාරත්වය ආශ්රිත අංග ව්‍යාප්ත කිරීමට සහාය වන ජෝන් කීල්ස් පර්යේෂණ ආයතනය (John Keells Research) සහ තරඟකරුවන් හට වෘත්තීයමය සූපවේදී පුහුණුවක් ලබාදීමට කටයුතු කළේ සිනමන් හොස්පිටැලිටි ඇකඩමි (Cinnamon Hospitality Academy) ආයතනයයි. මෙම ආයතනික සහයෝගය මඟින් වැඩසටහන තාක්ෂණික, තිරසාර සහ කුසලතා අංශයන්ගෙන් පරිපූර්ණ වේදිකාවක් බවට පත්විය.
එලිෆන්ට් හවුස් සුපර්හීරෝස් 3 වන අදියර අවසන් වූවද එය තරුණ පරපුරෙහි නව සංකල්ප යථාර්ථයක් කිරීම උදෙසා ඔවුන්ගේ කුසලතා වර්ධනය කරනා ජාතික වේදිකාවක් ලෙසින් දිගටම ක්‍රියාත්මක වේ. එබැවින් මෙය අවසානයක් නොව, නව ආරම්භයකි. සෑම අදියරක් පාසාම තව තවත් ශක්තිමත් වෙමින් නවෝත්පාදනයෙන් බලගැන්වුණු ශක්තිමත් රටක් නිර්මාණය කිරීම උදෙසා එලිෆන්ට් හවුස් සුපර්හීරෝස් ඉමහත් දායකත්වයක් සපයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

