ණය ඉතිහාසය හොඳයි නම් මහජන බැංකුවෙන් සුවිශේෂී ණය පහසුකමක්
සිය ණය ඉතිහාසය ප්රශස්ත ලෙස පවත්වා ගෙන යන ගනුදෙනුකරුවන්ට ප්රතිලාභ සැලසීමේ අරමුණින් මහජන බැංකුව ‘PrimeScore Privilege’ නමින් සුවිශේෂ ණය පහසුකමක් හඳුන්වා දී තිබේ.
බැංකුවෙන් ණය පහසුකම් ලබාගැනිමේදි මනා මූල්‍ය විනයක් සහ විශ්වසනීයත්වයක් පෙන්නුම් කරන ගනුදෙනුකරුවන්ට විශේෂ ප්රතිලාභ ලබාදිමේ අරමුණින් මෙම නව ණය පහසුකම හඳුන්වා දි ඇත. මේ තුළින් යහපත් ණය වාර්තා ඇති පුද්ගලයින් හඳුනාගෙන, ඔවුන්ගේ පුද්ගල අවශ්‍යතා සපුරාගැනිම සඳහා මූල්‍ය කළමනාකරණය දිරිමත් කිරීම මහජන බැංකුවේ අරමුණ වී තිබේ.
මෙම මුලපිරීම යටතේ අදාළ සුදුසුකම් සපුරන, වැටුප් ලබන වෘත්තිකයන්ට ඇපකරුවන් නොමැතිව වාර්ෂිකව 10% සිට තරඟකාරී පොලී අනුපාත යටතේ රුපියල් මිලියන 10ක් දක්වා ණය පහසුකම් ලබාගැනිමේ අවස්ථාව සලසා තිබේ.
මේ තුළින් පහසුවෙන් සහ ඉක්මනින් ණය මුදල් ලබාගත හැකි අතර, පුද්ගලික අවශ්‍යතා, ජීවන තත්ත්වය වැඩිදියුණු කරගැනිම ආදි වැදගත් අවශ්‍යතා සඳහා මූල්‍ය සහාය ලබාගත හැකිය.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් තක්සේරු කර ඇති පරිදි A1, A2 හෝ A3 වැනි විශිෂ්ට ණය ශ්‍රේණින් පවත්වා ගෙන යන රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම වැටුප් ලබන පුද්ගලයින්ට මෙම ‘PrimeScore Privilege’ යටතේ ණය පහසුකම් ණය ලබා ගත හැකිය.
ආකර්ෂණීය පොලි අනුපාතයන් මෙන්ම, ඉක්මන් මූල්‍ය විසඳුම් සොයන වෘත්තිකයන්ට සුවිශේෂ පහසුකම් කිහිපයකින්ම මෙය සමන්විතය. මේ සඳහා ඇපකරුවන් අවශ්‍ය නොවන අතර, අයදුම්කරුවන්ට ස්වාධිනව ණය පහසුකම ලබාගත හැකිවේ. එමෙන්ම ගනුදෙනුකරුවන්ට කෙටි කාලයක් තුළ ණය අනුමැතිය ලබාදීම බැංකුවේ අපේක්ෂාවයි.
මහජන බැංකුවේ වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයටද මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිමට පහසුකම සලසා ඇති අතර, ඒ තුළින් ඔවුන්ට ඕනෑම තැනක සිට පහසුවෙන් ණය අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු හා එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන මහත්මිය පැවසුවේ, "අඛණ්ඩව විශිෂ්ට ණය විනයක් පවත්වා ගෙනයන ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඔවුන්ට ප්රතිලාභ ලබා දිමේ අරමුණින් මහජන බැංකුව ‘PrimeScore Privilege’ ණය පහසුකම හඳුන්වා දුන්නා. මේ තුළින් සුදුසුකම් සැපිරූ වෘත්තිකයන්ට ඉක්මනින් සහ පහසුවෙන් ණය ලබාගැනිමේ පහසුකම සලසා තිබෙනවා." යනුවෙනි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම ඇති මහජන බැංකු ශාඛාවෙන් හෝ www.peoplesbank.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
