ඩිජිටල් ශ්‍රම බලකාය බලගැන්වීමට කොමර්ෂල් බැංකු ComBank GIG+
ශ්‍රී ලංකාවේ නිදහස් වෘත්තිකයන්ගේ මෑතකදී ඇතිවූ වේගවත් වර්ධනය හඳුනා ගනිමින් කොමර්ෂල් බැංකුවෙන් නවතම බැංකු විසඳුමක් ලෙස ‘ComBank GIG+’ ගිණුම හඳුන්වා දී ඇත. එය නිදහස් වෘත්තිකයින්, ඩිජිටල් ව්‍යවසායකයින්, සහ සමාජ මාධ්‍ය ප්‍රවර්ධකයින් වැනි විදේශ මුදල් උපයන පුද්ගලයින් හා ව්‍යාපාර සඳහා ව්‍යුහගත බැංකු ගිණුමක් හරහා Paypal මුදල් ඇතුළුව ඔවුන්ගේ විදේශ ඉපැයීම් ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත බැංකු විසඳුමකි.
ස්වාධීන ආදායම් මාර්ග ගොඩනඟා ගැනීම සඳහා ගෝලීය ඩිජිටල් වේදිකා සහ මාර්ගගතව සිදුකළ හැකි රැකියා අවස්ථා වෙත යොමු වන වෘත්තිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින පරිසරයක, ComBank GIG+ මෙරට රැකියා ක්ෂේත්රයේ තීරණාත්මක වෙනසක් ඇති කිරීමට සමත් වනු ඇත. Fiverr, Upwork සහ Freelancer.com වැනි වේදිකා භාවිතා කරන නිදහස් සේවා වෘත්තිකයින් මෙන්ම, YouTube, TikTok, Meta සහ X හරහා මුදල් උපයන පිරිස් අන්තර්ගත වන මෙම සේවා අංශය, විදේශ විනිමය මෙරටට රැගෙන ඒමේ වැදගත් කාර්යභාර්යක් ඉටු කරයි.
ComBank GIG+ සකස් කර ඇත්තේ මෙම ඩිජිටල් ආදායම් උපයන්නන්ගේ නිශ්චිත අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ම වන අතර, එහිදී ශ්‍රී ලංකා රුපියල් වලින් මෙන් ම ඇමෙරිකානු ඩොලර්, යූරෝ, බ්‍රිතාන්‍යය පවුම් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් ඇතුළු ප්‍රධාන විදේශ මුදල් ඒකක වලින් ගිණුම් ආරම්භ කිරිමේ අවස්ථාව ලබා දී ඇත. පිළිගත් ඩිජිටල් සහ මාර්ගගත රැකියාවලින් ලබාගන්නා විදේශ මුදල් ආදායම් සත්‍යාපන ක්‍රියාවලියට යටත්ව, මෙරට පදිංචි වයස අවුරුදු 18 සහ ඊට වැඩි ශ්‍රී ලාංකේය පුරවැසියන්ට මෙන්ම නිසි ලෙස ලියාපදිංචි කළ ව්‍යාපාරික ආයතනවලටද මෙම ගිණුම ලබාගත හැකි ය.
තම සේවා අංශය සඳහා මෙලෙස විධිමත් ලෙස බැංකු සේවා වලට ප්‍රවේශ වීමේ මඟක් සකසා දීම මගින් බැංකුව මෙම නිදහස් වෘත්තිකයන්ට ඔවුන්ගේ විදේශ ආදායම්, ව්‍යුහගත විදේශ ආදායම් ප්රවාහයන් බවට පරිවර්තනය කර ගැනීමේ අවස්ථාව ලබා දෙයි. මෙම ගිණුම පුළුල් වූ මූල්‍ය සේවා කට්ටලයකට පිවිසීමේ ද්වාරයක් ලෙස ක්‍රියාත්මක වන අතර එමඟින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ විදේශ මුදල් ආදායම සහ මූල්‍ය ඉතිහාස වාර්තා මත පදනම්ව ඉතුරුම්, ණය ඇතුළු ආයෝජන විසඳුම් ආදී සේවා වුවද ලබා ගැනීමේ හැකියාව ලැබේ.
ComBank GIG+ හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී හස්රත් මුණසිංහ මහතා, “ස්වාධීනව ඩිජිටල් ආදායම් උපයන්නන්ගේ වර්ධනය මගින් පිළිබිඹු වන්නේ වටිනාකම් නිර්මාණය කර ශ්‍රී ලංකාවෙන් අපනයන සිදු කරන ආකාරයෙහි ව්‍යුහාත්මක වෙනසක් සිදු වී ඇති බවයි. ComBank GIG+ සමඟින් අපි මෙම අංශය හඳුනා ගැනීම පමණක් නොව, එය විධිමත් මූල්‍ය පද්ධතියට වඩාත් අර්ථවත් ලෙස ඒකාබද්ධ කරන බැංකු රාමුවක් ද ස්ථාපිත කරනවා. මෙය සාම්ප්‍රදායික රැකියා ආකෘතිවලින් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වන පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට සත්‍යාපනය කළ හැකි මූල්‍ය ඉතිහාසයක් ගොඩනඟා ගැනීමටත්, එමගින් විධිමත් මූල්‍ය සේවා වෙත ප්‍රවේශ වීමටත්, ඔවුන්ගේ මෙහෙයුම් පරිමාණනය කිරීමට මෙන් ම මෙරට ආර්ථික වර්ධනයට වඩාත් දෘශ්‍යමාන ලෙස දායක වීමටත් හැකියාව ලබා දෙනවා” යැයි පවසා සටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

