2020 දී ඩුබායි හි පැවැත්වෙන වර්ල්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සූදානම් වෙයි.
මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම වෙළෙඳාම, වෙළෙඳ පොළ කොටස් හා ව්‍යාපාර වැඩිදියුණු කිරීම සහ සෘජු විදේශ ආයෝජන හා තාක්ෂණික හුවමාරුව සඳහා මෙන්ම, තොරතුරු තාක්ෂණය, ප්‍රවාහන, සංචාරක කර්මාන්තය හා අනෙකුත් සේවාවන් ප්‍රවර්ධනය කිරීමටද ලැබෙන අවස්ථාවක් ලෙස සලකා තිබේ.
ඒ අනුව, මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජනය වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.