ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය යටතේ (Digital Libraries Project) මඩකලපුව මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කර තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර ඇත.
මේ යටතේ මඩකලපුව මහජන පුස්තකාලය මගින් පාඨකයන්ට ලබාදෙන සේවා රැසක් පුස්තකාල කළමනාකරණ පද්ධතිය හරහා ඩිජිටල්කරණය කර තිබේ.
ඒ අනුව, සෑම සාමාජිකයෙකුටම පරිගණකගත පුස්තකාල සාමාජික අංකයක් හිමිවේ. තවද, මෙම ස්වයංක්‍රීයකරණය නිසා පොත්පත් තෝරාගැනීමට වැයවන කාලය ඉතා අවම වී තිබේ. එසේම, අන්තර්ජාලය ඔස්සේ නවීන පරිගණක හා ටැබ් යන්ත්‍ර ඔස්සේ පුවත්පත් කියවීමේ පහසුකම මෙන්ම ලොව ප්‍රකට සඟරා, ශාස්ත්‍රීය ලිපි, වාර ප්‍රකාශන පරිශීලනය කිරීමේ පහසුකමද පාඨකයන්ට හිමිවේ.
විශේෂයෙන්ම, පාසල් දරුවන්ගේ දැනුම, ආකල්ප, මෙන්ම කුසලතා වර්ධනය වන ආකාරයෙන් සකස් කරනලද පරිගණක වැඩසටහන් ටැබ් යන්ත්‍ර ඔස්සේ අත්විඳීමේ අවස්ථාද මෙහිදී දරුවන්ට උදාවී ඇත.
මෙම සේවාවන් පාඨක ප්‍රජාව වෙත නිල වශයෙන් ලදීම ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඥාණමුතු ශ්‍රීනේෂන් සහ සීනිත්තම්බි යෝහේස්වරන් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම මස 13දා සිදුකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ මහජන පුස්තකාලය ප්‍රථමයෙන් ඩිජිටල්කරණය කෙරුණු අතර, මෙය එහි දෙවැන්න වේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඩිජිටල් පුස්තකාලය බැගින් ස්ථාපිත කිරීමට නියමිත බවත්, ඉදිරියේදී කුරුණෑගල, පොළොන්නරුව, බදුල්ල, කිරිමැටියාන හා ඕපනායක යන මහජන පුස්තකාල ඩිජිටල්කරණය කිරීමට නියමිත බවත් නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.