ජපන් රජය බිම්මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය යටතේ රු.මිලියන15ක් වැය කරමින්අ ම්පාර දිස්ත්‍රික්කයේ ආබාධිත දරුවන් සඳහා වූ අල් අර්සාත් පාසලේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ගිවිසුමට අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියම මහතා සහ වාසස්ථාන හා සම්පත් සංවර්ධන පිළිබඳ ආයතනයේ සභාපති ඒ.කේ.එම්.ෂිහාබ්ඩීන් මහතා විසින් කොළඹ පිහිටි ජපන් තානාපති නිල නිවසේදී මෙසේ අත්සන් කර ඇත.
මෙම යෝජිත ව්‍යාපෘතිය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තූරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි අල්අර්සාත් පාසලේ ආබාධිත ළමයින් හැටදෙනෙක් සඳහා ප්‍රමාණවත් පරිදි අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කර තිබේ.