ජපානයේ රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයන්ට වසර 10ක් දක්වා වීසා පහසුකම් හිමිවන බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
විදේශගත ශ්‍රී ලාංකේය ශ්‍රම බලකාය වෙනුවෙන් දියත් කෙරෙන රන් පියාපත් වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
එහිදී, අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජපානයේ මේ වනවිට පවතින ශ්‍රම හිඟය හේතුවෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුණු බවයි. මේ සඳහා සිදුකළ ගිවිසුම්ගත වීම බොරුවක් නොවන බවත්, මෙය ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳ පොළ දිශානතිය වෙනස් කරන අවස්ථාවක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.