ජනශක්ති ෆිනෑන්ස් නුගේගොඩ ශාඛාව නව ස්ථානයක විවෘතයි
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි සාමාජික සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි නුගේගොඩ ශාඛාව පසුගියදා ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි නව ස්ථානයක විවෘත කර තිබේ.
මෙම ශාඛාව දැන් නො.136/5, එස්.ඩී.එස්. ජයසිංහ මාවත, නුගේගොඩ.යන ස්ථානයේ පිහිටා තිබේ. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සමඟ වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීමේ අරමුණින් මෙය සිදුකර ඇත.
නුගේගොඩ යනු කොළඹ දිස්ත්‍රික්කයේ අතිශයින් කාර්යබහුල සහ බොහෝ දෙනා නිතර යන එන නගරයකි. එවැනි නගරයක පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක නව ශාඛාව විවෘත වීම ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ගනුදෙනුකරුවන්ට සුවිශාල පහසුවක් වනු නොඅනුමානය.
ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කල්බදු (ලීසිං), රන් ණය, විකල්ප මූල්‍ය විසඳුම් සහ ආයතනික හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය ඇතුළුව, පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් අතිශයින් වැදගත් වන, විශේෂයෙන් සැලසුම් කළ මූල්‍ය සේවාවන් රැසක් ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමේ නුගේගොඩ ශාඛාව වෙතින් ලබාගත හැකි වේ.
"ගනුදෙනුකරුවන්ගේ පහසුව යනු ශාඛා සම්බන්ධයෙන් අප අනුගමනය කරන ක්‍රමෝපායේ අනිවාර්ය අංගයක්. නුගේගොඩ වැනි ජනාකීර්ණ වාණිජ නගරයක් තුළ මෙවැනි ස්ථානයක අපගේ ශාඛාව පිහිටුවීම මගින් ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අපගේ සේවාවන් ලබාගැනීමට හැකි වන අතරම, ඔවුන්ට වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීමට අපට හැකියාව ලැබෙනවා. ඉදිරියටත් රටේ පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල මූල්‍යමය ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වීමට අප සූදානම්.” යැයි නුගේගොඩ ශාඛාව නව ස්ථානයේ විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා පැවසීය.
“ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් මූල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා අප සෑම විටම කැප වී සිටිනවා. පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් විශ්වාසයෙන් යුතුව තම මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන වෘත්තීය මට්ටමේ සේවාවක් කාර්යක්ෂම ලෙස හා විනිවිදභාවයෙන් යුතුව ලබාදීමට අපගේ නුගේගොඩ ශාඛාවේ කාර්ය මණ්ඩලය සූදානම්.” යැයි ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක මහතා පැවසීය.
රට පුරා විසිරුණු ශාඛා ජාලයකින් සමන්විත ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගම එම ජාලය අඛණ්ඩව පුළුල් කරමින්, නව්‍ය සහ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් හරහා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් සහ පෞද්ගලික ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම කාණ්ඩවල දියුණුව උදෙසා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
