2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යන අතර, එම කාලය තුළ 5.8% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත.
ශ්රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිශ්පාදන සදහා වූ අපනයන ආදායමත් එක්ව ඩොලර් මිලියන 15776.36 ක් විය.
2025 නොවැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52 කි. එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයකි.
මෙම කාර්ය සාධනය ශ්රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළෙඳපොළ ප්රවේශය පුළුල් කිරීමටත්, ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට ක්රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාවය ඉස්මතු කරයි.