ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඉන්දියාවෙන් පැසසුම්
ඉන්දියාව සහ ආසියානු කලාපයේ සෙසු රටවල් සමග මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසක් ලෙස පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
පසුගිය සිකුරාදා එළිදැක්වුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තවදුරටත් දක්වා ඇති පරිදි, ලෝක ආර්ථික කේන්ද්‍රය ආසියාව දෙසට නැඹුරු වෙමින් තිබෙන නිසා ආසියාතික රටවල් සමග වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම විශේෂයෙන් දක්වා ඇති බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.
එමෙන්ම, කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව ඇතුළු සාර්ක් සහ බිම්ස්ටෙක් ඉන්දියානු සාගර වෙරළ කලාප රටවල් සහ සංවිධාන සමග මනා අවබෝධයකින් කටයුතු කිරීම සිය අරමුණ බවද එම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂයෙන් දක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
සිය විදේශ ප්‍රතිපත්තිය තුළ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන, ඕනෑම රටක් සමග සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් ස්ථාපිත කිරීමේ යෝජනාවද ඉන්දීය මාධ්‍යවල පැසසුමට ලක්ව තිබීම විශේෂත්වයකි.
popular news
-
සොහොන් අපේ සල්ලි Sunday, 27 October 2019 03:32 AM
කවුද ඉතින් අර මගුල් ගෙදරට ආව ස්වාමිනධාන් ඇරෙන්න වෙන මොකෙක්ද. බැලුව ගමන් පෙනෙනවා මේකේ තියෙන්නේ වචන විතරයි එකත් බාගෙට බොරු පොරොන්දු කියල. මිනිහ මෙච්චර කාලයක් කොරල තියෙන කෙරුවාවල් වලින් එන ප්‍රතිරූපය ඇවිල්ල හොරෙක් (මිග්, හමුදා මුලස්ථානය ...), දුෂකයෙක් (දෙමාපිය සොහොන් අපේ සල්ලි වලින්අ, , බල්ලෝ ගෙන්න ස්විසර්ලන්තෙට ගුවන් ගමන්ව, න්ගර්ඩ්, හමුදා මුලස්ථානය, දුමින්ද සිල්වා, හොර හැදුනුම්පත්, හොර පුරවැසිකම්, හොර ගමන් බලපත්‍ර,..), මිනි මරුවෙක් (රතුපස්වල, කටුනායකේ, වැලිකඩ, ....) අසමත් (මෙයාගේ කලේ කොලබ අතු වුනු අපරාද සෙවීමට නොහැකි වීම , රවිරාජ්, ළමයි 11 දෙන, පොද්දල, කටුගෙදර හොරකම්, ...), දුර්වලම පරිපාලනය (ශ්‍රීලන්කන් බිලියන ගණන් පාඩු, මිහින් බංකොලොත්, නාගරික සංවර්දන අධිකාරිය බංකොලොත්,නව හමුදා මුලස්ථානයක් නැතිව තිබුන එක විකිණීම...) සමත් කම - කොලබ ලස්සනට තිබ්බ, කුණු ඇදීම, මල්පෝච්චි තැබීම, -- මේක නකන්න නගරසබවේ නෙනෙක් ඇති. මේ සුදුසු කමට නගර සබාවේ රස්සාවක් දෙමු. කොහොමත් ඇමෙරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක් බලාගත්ත කෙනෙක්ගෙන් මීට වැඩ වෙන මොකක්ද
Reply : 0 0
ගෝඨාභය Sunday, 27 October 2019 09:03 AM
ඉස්සර ගෝඨාභය දැක්කම මාද්‍යවේදියෝ දුවනවා. දැන් මද්යවේදියෝ දැක්කම ගොටබය දුවනවා. 16වෙනිදගෙන් පස්සේ රටේ කොයි එකටත් දුවන්න වෙන්නේ රතුපස්වල වතුර ඉල්ලලා සාමකාමී උත්ගොසනය තිබ්බ යට සැලකුව වගේ සලකන කොට . අරදන කරලා හිට්ලෙර්කෙනෙක් වෙන්න ඉල්ලන ලෝකේ බුද්ධිමත්ම රට.
Reply : 0 0
Champa Sunday, 27 October 2019 09:14 AM
පුදුමයක් නෙමෙයි මේ ප්‍රතිපත්තියට ඉන්දියාව උඩින්ම කැමතිවීම. SAARC සහ BIMST-EC කියන්නේ කුඩා සංවිධාන. ඒ දෙකේම ප්‍රධානම රට ඉන්දියාව. මේ කුඩා සංවිධාන වල ලංකාවට කරන්න දෙයක් නැහැ. අපි හරි නම් කරන්න ඕනේ අපිට විශාල කාර්යයක් කරන අවස්ථාව ලැබෙන නොබැඳි ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම. දැනට අක්‍රිය තත්වයේ තියෙන නොබැඳි සංවිධානය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉන්න කාලේ වගේ සක්‍රිය කරන්න ලංකාවට පුළුවන්. ජනාධිපති අපේක්ෂකයෝ සියලු දෙනා දැන් ප්‍රතිපත්ති ප්‍රකාශ දීල ඉවර නිසා මගේ අදහස ලියන්න හිතුව. සාමාජික රටවල් සංඛ්‍යාව අනුව නොබැඳි සංවිධානය දෙවෙනි වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට විතරයි. නොබැඳි සංවිධානයේ මුල්ම සාමාජිකයෙක් වෙලා ඉන්න කාලේ අපේ රට ජාත්‍යන්තරය තුල ප්‍රබල හඬක් නැගුවා. අපිට විශාල ප්‍රසිද්ධියකුත් ලැබුන. ඒ වුනත් පස්සේ ආපු පාලකයෝ බටහිර ගැති ප්‍රතිපත්තියක් කරා ගියපු හින්ද අපි ජාත්‍යන්තරයේ නන්නත්තාර වුනා. ඊට පස්සේ ඉන්දියාව අපිව SAARC සහ BIMST-EC කියන කුඩා සංවිධාන දෙකට කොටු කර ගත්ත. අද බටහිර රටවල් සම්බාධක දාන නැත්නම් විනාශ කරන අප්‍රිකානු සහ බටහිර ආසියානු රටවල් බොහොමයක් නොබැඳි සංවිධානයේ සාමාජිකයෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

