කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට Paypal සබැඳි මුදල් ආපසු ගැනීම පහසුයි
නවතම ගෝලීය මූල්‍ය තාක්ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා බව නැවතත් තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව තම ගිණුම් හිමියන්ට Paypal මුදල් කොම්බෑන්ක් ඩිජිටල් සේවාව හරහා ආපසු ගැනීමේ පහසුකම ලබා දී ඇත. ගෝලීය ඩිජිටල් ඉපැයීම් සෘජුවම කොමර්ෂල් බැංකු ගිණුම්වලට යොමු කරන සුදුසුකම්ලත් ගනුදෙනුකරුවන්ට මෙම මුදල් ආපසු ලබා ගැනීමේ පහසුකම ලැබේ.
කොම්බෑන්ක් ඩිජිටල් සමඟ Paypal ඒකාබද්ධ කිරීම හරහා ස්වාධීන වෘත්තිකයන්, ඩිජිටල් ව්‍යවසායකයින්ට සහ අපනයනයකරුවන්ට තම Paypal ගිණුම්වල මුදල් බැංකුවේ කොම්බෑන්ක් ඩිජිටල් වේදිකාව හරහා ක්ෂණිකව, ආරක්ෂිතව සහ සම්පූර්ණයෙන් ම නියාමනය කරන ලද බැංකු ක්‍රියාවලියක් හරහා දේශීය වාණිජ බැංකු ගිණුමකට සෘජුවම ලබා ගැනීමේ හැකියාව ලැබේ.
ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් වන Paypal සේවාව, වෙළෙඳපොළවල් 200කට ආසන්න සංඛ්‍යාවක ක්‍රියාත්මක වන අතර, Paypal මගින් පුද්ගලයින්ට හා ව්‍යාපාරවලට ගෝලීය ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ වීමේ හැකියාව ලබාදෙයි.
මෙම ඒකාබද්ධ කිරීම ක්‍රියාත්මක වන්නේ කොම්බෑන්ක් ඩිජිටල් වේදිකාව තුළ අන්තර්ගත වන ආරක්ෂිත වූ විද්‍යුත් තැපැල් පාදක කොටගත් ස්වයං සේවා සමමුහුර්ත කිරීමේ යාන්ත්‍රණයක් හරහා බව බැංකුව පවසයි. සාර්ථකව සම්බන්ධ වීමෙන් පසුව, සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ගැනීම සඳහා ඔවුන්ගේ Paypal ගිණුම් ශේෂයන් බැංකු යෙදුම හරහා පරීක්ෂා කර බලා අවශ්‍ය මුදල් ප්‍රමාණය කොමර්ෂල් බැංකු ගිණුමක් වෙත මාරු කළ හැක. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල් වන අතර ශාඛාවකට පැමිණීමකින් තොරව ආසන්න වශයෙන් මිනිත්තු දෙකකින් සම්පූර්ණ කළ හැකිය.
මෙම නවතම පියවර පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, “ගෝලීය ඩිජිටල් ආර්ථිකය සමඟ ශ්‍රී ලංකාවට ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ තීරණාත්මක සන්ධිස්ථානයක් මෙමගින් සනිටුහන් කරනවා. වසර ගණනාවක් තිස්සේ ගෝලීය ඩිජිටල් වේදිකා හරහා මුදල් උපයන ශ්‍රී ලාංකිකයින්ටත්, ව්‍යවසායකයින් හා ඩිජිටල් වෘත්තිකයින්ට තමන්ගේ එම ඉපැයීම් යම් නියාමනය කරන ලද බැංකු ක්‍රියාපටිපාටියක් හරහා ආරක්ෂිතව තම රට තුළට ගෙන ඒමේදී නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදු වුණා. නමුත් දැන් කොම්බෑන්ක් ඩිජිටල් සමඟින් Paypal ඒකාබද්ධ කිරීම මගින් මෙරට විධිමත් මූල්‍ය පද්ධතියට ජාත්‍යන්තර ඉපැයීම් බාධාවකින් තොරව ගලා ඒමට අවශ්‍ය පහසුකම් අපි සපයා දී තිබෙනවා. ඒ සමඟම, විදේශීය මුදල් ඒකක මෙරටට ගලා ඒම දිරිමත් කිරීම, මූල්‍ය විනිවිදභාවය ශක්තිමත් කිරීම මෙන් ම ගෝලීය වෙළෙඳපොළ තුළ වඩාත් ක්‍රියාකාරී ලෙස මෙහෙයුම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ඩිජිටල් ශ්‍රම බලකාය බලගැන්වීම ආදී බලපෑම් ඇති කිරීම හරහා මෙම මුලපිරීම මගින් මෙරට ජාතික ආර්ථික අරමුණු සඳහා නොමඳ සහායක් ලබා දෙනවා.” යැයි පවසා සිටියේය.
ශීඝ්‍රයෙන් වර්ධනය වන මෙරට නිදහස් ආර්ථිකයට සහය වීම සඳහා වන තම කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ශ්‍රම බලකායේ පරිණාමය වන මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා, ඒ ඒ ගනුදෙනකාර භවතුන්ට සරිලන පරිදි ඔවුන්ට ම විශේෂිත වූ බැංකු විසඳුම් ලබා දෙමින් කොමර්ෂල් බැංකුව දැනටමත් ඔවුන් සඳහා ම වෙන් වූ Freelancer නම් ගිණුමක් ද හඳුන්වා දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

