කොමර්ෂල් බැංකුව හා UnionPay වෙතින් SplendorPlus කාඩ්පත
පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීම වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් UnionPay SplendorPlus කාඩ්පත එළිදක්වා තිබේ. මෙම නවතම කාඩ්පත විශේෂයෙන් ම චීනයට ගමන් කරන ශ්‍රී ලාංකිකයින්ට, බාධාවකින් තොරව පිරිවැය-කාර්යක්ෂම වූ ගෙවීම් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් ම නිර්මාණය වූවකි.
UnionPay International (UPI) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය හරහා නිර්මාණය වූ මෙම නව කාඩ්පත මගින්, මෙරට නව්‍ය හා අගය එකතු කළ ගෙවීම් විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුවේ ස්ථාවරය වඩාත් ශක්තිමත් කරයි. මෙය එළිදැක්වෙන්නේ චීනය, ශ්‍රී ලාංකිකයින්ගේ වඩාත් වැදගත් ව්‍යාපාරික හා විවේකී ගමනාන්තයක් බවට ශීඝ්‍රයෙන් පත්වෙමින් සිටින කාලවකවානුවක ය.
UnionPay SplendorPlus කාඩ්පත් ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් එහි කළමණාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී එස්. ප්රභාගර් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය සිවසුබ්‍රමනියම් ගනේෂන් මහතා සහභාගී වූහ. China UnionPay සහ UnionPay International හි සභාපති දොන්ග් ජුන්ෆෙන්ග් මහතා විසින් UnionPay නියෝජිත පිරිසෙහි මූලිකත්වය ගත් අතර,China UnionPay හි වෙළඳ සේවා ගෙවීම් සමාගමේ සභාපති ෂාඕ කුඕයි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ UPI නිළධාරීන් පිරිසක් සහ UnionPay International හි අග්නිදිග ආසියාව සඳහා සාමාන්‍යාධිකාරී කායි හුයිමින්ග් මහතා එම පිරිස අතර විය.
මෙම හවුල්කාරීත්වයේ සන්දර්භය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, "SplendorPlus කාඩ්පත දියත් කිරීම මගින් පෙන්නුම් කරන්නේ වේගයෙන් ගෝලීයකරණය වන පාරිභෝගික පදනමකට උසස් තත්ත්වයේ ගෙවීම් විසඳුම් ලබා දීමට බැංකුවේ ඇති පෙර සූදානමයි. නව කාඩ්පත මගින් ශ්‍රී ලාංකික සංචාරකයින්ට සේවා සැපයීම වෙනුවෙන් මෙම ආයතන දෙකේ ම දිගුකාලීන කැපවීම පිළිබිඹු වෙනවා. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ කාඩ්පත් වෙළඳපලේ ඉදිරියෙන් ම සිටින කොමර්ෂල් බැංකුවේ ස්ථාවරය තව තවත් ඉහළ නංවයි. දෛනික ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් ප්රමුඛ ස්ථානය ගන්නා චීනය වැනි කලාපයකට ගමන් කරන විට අපගේ කාඩ්පත් හිමියන්ට සැබෑ මූල්‍ය වාසි ලබා දීම වෙනුවෙන් මෙම SplendorPlus කාඩ්පත නිර්මාණය කළෙමු. එම කාඩ්පත විශ්වාසදායක සහ ප්‍රතිඵලදායක වූ සංචාරක සහකරුවෙකු ලෙස සේවය කරනු ඇති අතර සෑම මිලදී ගැනීමක්ම සරල, ආරක්ෂිත සහ වඩාත් ම ලාභදායී වනු ඇති බව අපට විශ්වාසයි.” යනුවෙනි.
UnionPay සමාගමේ සභාපති දොන්ග් ජුන්ෆෙන්ග් මහතාගේ කොළඹ සංචාරය අතරතුරදී මෙම ගිවිසුමට එළඹ ඇති අතර එම අවස්ථාව මගින්, UnionPay International විසින් තම ව්‍යාප්තිය සහ නව නිෂ්පාදන හඳුන්වා දීම සඳහා උපායමාර්ගිකව වැදගත් වූ සංධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව අරමුණු කරන බව පිළිබිඹු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

