කොමර්ෂල් බැංකුව ලංකා පේ - JCB කාඩ්පත් සඳහා 3DS සක්‍රීය කරයි
ආරක්ෂාව සහ ගෝලීය භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ නංවමින් ලංකා පේ /JCB කාඩ්පත් යෝජනා ක්රමයේ විද්‍යුත් වාණිජ්‍ය ගනුදෙනු සඳහා 3D Secure (3DS) තාක්ෂණය සක්‍රීය කළ ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත් වෙමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් ගෙවීම් කලාවේ තම නායකත්වය තවදුරටත් ශක්තිමත් කර තිබේ.
මෙමගින් ලංකා පේ /JCB කාඩ්පත පූර්ණ වශයෙන් බලගැන්වුනු විද්‍යුත් වාණිජ්‍ය මෙවලමක් බවට පත් කරන අතර එමඟින් කාඩ්පත් හිමියන්ට වෙළෙඳුන් මිලියන ගණනකගෙන් ආරක්ෂිතව මිලදී ගැනීම් සිදුකිරීමට ඉඩ හසර ලබා දෙයි. බැංකුවේ ශක්තිමත් 3DS සක්‍රීය වූ කාඩ්පත් ගොන්නට මෙම කාඩ්පත එකතුවීම තුළින් ලංකා පේ /JCB ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය භාවිතා කරන්නන්හට කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර කාඩ්පත් පිරිනැමීම් හරහා ව්‍යාප්ත කර ඇති ඉහළ මට්ටමේ සත්‍යාපනය තුළින් වංචාවලින් ආරක්ෂා වීමේ ප්‍රතිලාභය නොඅඩුව ලැබෙන බව සහතික කෙරේ. ශ්‍රී ලංකාවේ ගෝලීය කාඩ්පත් වෙළඳ නාම සඳහා 3DS තාක්ෂණය හඳුන්වා දුන් පළමු බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
ලංකා පේ/JCB කාඩ්පත්වල ඉතා තරඟකාරී දේශසීමා ගාස්තු හේතුවෙන් විදේශීය ගනුදෙනු සඳහා මෙම කාඩ්පතට කැමති ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සඳහා මෙම හඳුන්වාදීමට විශේෂයෙන් බලපායි. මේමගින් පිරිවැය කාර්යක්ෂමතාව, ගෝලීය ප්‍රවේශය සහ ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක ප්රමිතීන් ඒකාබද්ධ කරමින්, ජාතික කාඩ්පත් යෝජනා ක්‍රමය ඩිජිටල් වාණිජ්‍යයේ නව ප්රමිතීන් දක්වා ඔසවා තබයි.
මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාකාරීව ඉදිරියට ගෙන යාම සඳහා ජාතික මූල්‍ය ආයතනයක් ලෙස බැංකුවේ වගකීම මෙම මුලපිරීම මගින් පිළිබිඹු වන බවයි.
“කොමර්ෂල් බැංකුව තාක්ෂණික නායකත්වය විකල්පයක් ලෙස නොව, අපගේ ප්‍රධාන ව්‍යාපාරයේ අනිවාර්ය අංගයක් ලෙස සලකනවා. අපගේ සියලුම ජාත්‍යන්තර කාඩ්පත් සඳහා ගෝලීය ප්රමිතීන් හඳුන්වා දීම අඛණ්ඩව කරගෙන යන අතරම, ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීමට අපි එක ලෙස කැපවී සිටිනවා. ලංකා පේ/JCB කාඩ්පත සඳහා 3D Secure තාක්ෂණය සක්‍රීය කිරීම, ආරක්ෂිත, ගෝලීය වශයෙන් පිළිගත් සහ ලොව පුරා පවතින ගෙවීම් විසඳුම්වලට සමාන ලෙස දේශීය කාඩ්පත් බලගැන්වීම වැදගත් පියවරක් වෙනවා” යැයි ඔහු පැවසීය.
ලංකා පේ හි ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා මෙම දියත් කිරීම ශ්‍රී ලංකාවේ ජාතික කාඩ්පත් යෝජනා ක්රමයේ පරිණාමයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස විස්තර කළේය.
“මෙම හඳුන්වාදීම, ජාතික කාඩ්පතේ වටිනාකම සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන අතර, ගෝලීය භාවිතයත් සමඟ වැඩිදියුණු කළ ආරක්ෂාව ඒකාබද්ධ කරනවා. කොමර්ෂල් බැංකුව සමඟ සමීපව කටයුතු කරමින්, ලංකා පේ කාඩ්පත් හිමියන්ට දැන් ලෝකයේ ඕනෑම ස්ථානයක විශ්වාසයෙන් යුතුව මාර්ග.ගතව ගනුදෙනු කළ හැකි බව අපි සහතික කර තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම්යටිතල පහසුකම් සඳහා සාඩම්බර සන්ධිස්ථානයක් සනිටුහන් කරන ඇති” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
