කොමර්ෂල් බැංකුව තෙවැනි වසරටත් ජනාදරය දිනාගත් බැංකු සන්නාමයයි
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව LMD සඟරාව විසින් සිදු කරන ලද 2026 වසරේ වඩාත්ම ජනාදරය දිනාගත් සන්නාම සමීක්ෂණයේ සේවා සන්නාම කාණ්ඩය යටතේ අඛණ්ඩව තෙවැනි වසරටත් අංක 1 බැංකු සන්නාමය ලෙස ශ්‍රේණිගත වී ඇති අතර මෙරට සියලුම සේවා සන්නාම අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වී ඇත.
LMD සඟරාවේ පාඨකයන් අතර PepperCube Consultants ආයතනය විසින් සිදු කළ මෙම සමීක්ෂණය මඟින් ආයතනික, නිෂ්පාදන, සේවා සහ නව සන්නාම යන කාණ්ඩ ආවරණය වන පරිදි ක්ෂේත්‍ර 45ක් තුළ සන්නාමයන් කෙරෙහි ගනුදෙනුකරුවන් දක්වන ඇල්ම සහ ප්‍රසාදය ඇගයීමට ලක් කර තිබේ. පෞද්ගලික හා රාජ්‍ය බැංකු ලෙස වර්ගීකරණය කර ඇති බැංකු ක්ෂේත්රය තුළ පෞද්ගලික අංශයේ බැංකු අතර වඩාත්ම ජනප්‍රිය සහ පාරිභෝගිකයන්ගේ වැඩිම ප්‍රසාදය දිනාගත් බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තේරී පත් විය.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පවසා සිටියේ අඛණ්ඩව ‘වඩාත්ම ජනාදරය දිනාගත්’ සන්නාමයක් ලෙස තේරී පත්වීම ගනුදෙනුකරුවන් බැංකුව කෙරෙහි දීර්ඝ කාලීනව තබා ඇති විශ්වාසය සහ පක්ෂපාතිත්වය පිළිබිඹු කරන බවයි.
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් වෙනස් වන වාතාවරණයක ඔවුන්ට ගැළපෙන සේවාවන් අඛණ්ඩව ලබාදීමටත්, නවෝත්පාදන හඳුන්වාදෙමින් සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීමටත් බැංකුව කැපවී සිටින බව පැවසූ ඒ මහතා, මෙම ඇගයීම ශ්‍රී ලාංකික ජනතාව බැංකුවේ විශිෂ්ට සේවාව සහ නවෝත්පාදන අගය කරන බවට තවත් තහවුරු කිරීමක් බව ද සඳහන් කළේය.
ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් සේවා ප්‍රතිපත්තියට බැංකුව දක්වන අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල කොමර්ෂල් බැංකුව අඛණ්ඩව ඉහළ ස්ථානයක රැඳී සිටියි. විශිෂ්ට සේවා සැපයීම, ඩිජිටල් නවෝත්පාදන හඳුන්වාදීම සහ සියලු පාර්ශව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යාම සඳහා බැංකුව අඛණ්ඩව ආයෝජනය කරයි.
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම බැංකුවේ ප්‍රමුඛතාව වන අතර, ඔවුන්ගේ අදහස් සහ ප්‍රතිචාර නිරන්තරයෙන් විමසා බැලීම මෙන්ම ඒ අනුව සිය සේවාවන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම ද බැංකුව විසින් සිදු කරයි.
මහජන ප්‍රසාදය මත කොමර්ෂල් බැංකුවට හිමි වූ තවත් සම්මාන රැසකට එක් වූ තවත් ජයග්‍රහණයක් ලෙස මෙම ඇගයීම හඳුනාගත හැක. මේ අතරට SLIM Kantar People’s Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව්වැනි වරටත් වසරේ ජනතා ප්‍රසාදය හිමි පෞද්ගලික බැංකු සේවා සන්නාමය ලෙස තේරී පත්වීම ද ඇතුළත් වේ. මෙම ජයග්‍රහණයත් සමඟ මෙරට වඩාත්ම ජනප්‍රිය පෞද්ගලික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

