කොමර්ෂල් බැංකු ඩිජිටල් වේදිකාවෙන් ගිණුම් ආරම්භ කිරීම තවත් පහසුවෙයි
ඩිජිටල් නව්‍යකරණය, පහසු ප්‍රවේශය සහ උසස් ගනුදෙනු අත්දැකීමක් ලබාදීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, තම ස්වයං-ගිණුම් ආරම්භ කිරීමේ (Self-Onboarding) ඩිජිටල් වේදිකාව තවදුරටත් වැඩිදියුණු කරමින් ක්ෂණිකව හා ආරක්ෂිතව නව ගනුදෙනුකරුවන්ට ශාඛාවකට නොපැමිණම ගිණුම් විවෘත කිරීමේ පහසුකම හඳුන්වා දී ඇත.
නව්‍යකරණය කරන ලද මෙම වේදිකාව හරහා ශ්‍රී ලංකාවේ සිටින සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිතයෙන් ඉතා පහසුවෙන් ඉතිරිකිරීමේ ගිණුම් ක්ෂණිකව විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම, සජීවී වීඩියෝ මගින් අනන්‍යතාව තහවුරු කිරීම සහ ස්වයංක්‍රීය නියාමන පරීක්ෂණ ක්‍රියාවලිය හරහා ආරක්ෂිත ඩිජිටල් ගිණුම් විවෘත කිරීමේ අත්දැකීම මෙමගින් ලබා දෙයි.
හරිත බැංකුකරණ ඉලක්ක සඳහා සහාය වන කඩදාසි භාවිතය මත පදනම් වූ ක්‍රියාවලි අවම කරමින් බැංකුකරණය සඳහා වඩාත් පාරිසරික වශයෙන් වගකිවයුතු ප්‍රවේශයක් ප්‍රවර්ධනය කරන අතරම බැංකුව ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු, මෙන්ම ඉක්මන් බැංකුකරණ අත්දැකීමක් ලබා දෙන බව කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හස්රත් මුණසිංහ මහතා පැවසීය. ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක ආරක්ෂිතව ප්‍රවේශ විය හැකි, වඩාත් කාර්යක්ෂම සහ නම්‍යශීලී ගිණුම් විවෘත කිරීමේ අත්දැකීමක් ලබා දීමෙන් පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සඳහා මෙම මුලපිරීම් සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
තවද, නව විශේෂාංග සහ වැඩිදියුණු කළ හැකියාවන් සමඟ මෙම වේදිකාව අඛණ්ඩව සංවර්ධනය කරමින් අනාගතයට ගැලපෙන්නා වූ පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සහ ඩිජිටල් බැංකුකරණ පහසුව සඳහා කොමර්ෂල් බැංකුවේ කැපවීම නැවත තහවුරු කරන බව බැංකුව ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

