දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ යටිතල පහසුකම් යළි ගොඩනැගීමේ අරමුණින් ආරම්භ කළ "Rebuilding Sri Lanka" අරමුදල වෙත කොළඹ කොටස් වෙළෙඳපොළ රු.මිලියන 25ක පරිත්‍යාගයක් සිදුකර තිබේ.
මීට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආවාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මූල්‍ය හා පරිපාලන) කුසල් නිශ්ශංක යන මහත්වරුන් විසින් සිදුකරන ලදී.