කොළඹ දිස්ත්රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය (ඉඩම් මිල දර්ශකය) 2020 වසරේ පළමු වැනි භාගයේදී 141.6ක අගයක් වාර්තා කර ඇති අතර, එහි වාර්ෂික වර්ධනය 7.1%ක් ලෙසත්, අර්ධ වාර්ෂික වර්ධනය 2.0%ක් ලෙසත් ගණනය කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය කාල පරිච්ඡේදයන්හි ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික සහ අර්ධ වාර්ෂික වර්ධනයන් පහළ යාමේ ප්රවණතාවක් පෙන්නුම් කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. එහිදී 2019 පළමු භාගයේ 13.6%ක වාර්ෂික වර්ධනය මෙසේ 7.1%ක් දක්වා අඩුවී ඇති අතර, 2019 පළමු භාගයේ 5.1%ක අර්ධ වාර්ෂික වර්ධනය මෙසේ 2.0%ක් දක්වා පහළ ගොස් තිබේ.