එක්සත් ජනපද අරමුදල් සම්පාදනයෙන් ලත් කොවිඩ්-19 රෝග පරීක්ෂා කට්ටලයක් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරිය විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත භාරදී තිබේ.
පරීක්ෂා 2000ක් සිදුකිරීම සඳහා අවශ්‍ය සැපයුම් මෙම පරීක්ෂා කට්ටලයට ඇතුළත් වේ. ඇ.ඩො.118,000ක ඇස්තමේන්තුගත වටිනාකමකින් යුතු මෙම කට්ටලය මෙතෙක් කොවිඩ්-19 පරීක්ෂා සඳහා යොදාගෙන ඇති වඩාත්ම විශ්වසනීය හා කාර්යක්ෂතම තාක්ෂණය සහිත RT-PCR යන්ත්‍රයක් සහ උත්තේජක, පුද්ගලාරක්ෂක ඇඟලුම් සහය අනෙකුත් අත්‍යවශ්‍ය ආරක්ෂක මෙවලම් වැනි උපාංග ඇතුළත් බව සඳහන් වෙයි.
"කොවිඩ්-19 වසංගතයට එරෙහිව උචිත ක්‍රියාමාර්ග ගැනීමට දරන වෑයම්වලදීත්, අර්බුදවලදීත් ශක්තිමත් අන්දමින් හදිසි අවස්ථා ප්‍රතිචාර ලබාදෙන බව සහතික කරන දීර්ඝ කාලීන ශක්‍යතා වර්ධන කටයුතු සඳහාත් ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සඳහා එක්සත් ජනපදය කැපවී සිටිනවා" යැයි ශ්‍රී ලකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසා සිටියාය.