කොවිඩ්-19 පැතිර යාමට එරෙහි සටනට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය ලබාදීමක් ලෙස එක්සත් ජනපදය විසින් එවන ලද හදිසි අවස්ථා සැපයුම් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී තිබේ.
ඔක්සිමීටර, ආරක්ෂක ඇස් ආවරණ. අත්වැසුම්, KN95 මුඛ ආවරණ ඇතුළු ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම් පරිදි මෙම භාණ්ඩ ලබාදුන් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් සඳහා එන්නත් මිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට එක්සත් ජනපදයෙන් කටයුතු කරන බව ධවල මන්දිරය පසුගිය බ්‍රහස්පතින්දා දින කළ නිවේදනයට පසුව මෙම හදිසි අවස්ථා සැපයුම් තොගය එවා ඇති බව කියයි. එක්සත් ජනපද 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා ජීවිත බේරාගැනීමටත්, කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමටත්, ශ්‍රී ලංකා ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමටත් ඇ.ඩො.මිලියන 6ක් සහ වෙන්ටිලේටර්ස් යන්ත්‍ර 200ක ද්‍රව්‍යමය පරිත්‍යාගයක් සිදුකර ඇති බවද කියයි.